Back

ⓘ භූ‍ගෝල විද්‍යාව



                                               

භූගෝල විද්‍යාව

භූගෝල විද්‍යාව යනු සාමාජීය වුත් පරිසර විද්‍යාත්මක වූත් සමස්ත පෘථිවි තලයේම මුළුමහත් සෑම ඉසව්වක් දෙසම තම ඇස යොමු කරන්නාවු විෂයකි. විශ්වයේ කුඩාම ඒකකය වන අන්තර් පරමාණුවක ඇති සෑම භෞතික වස්තුවක්ම භූගෝල විද්‍යා විෂය තේමාවට නෑනම් කියයි.භූගෝල විද්‍යාව පිළිබඳව සදහන් කළ ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉරාටෝස්තීන් ය. එදා ඇමරිකානු රතු ඉන්දියානු නායක සියැටල් පැවසූ පරිදි මිහිමත ඇති සෑම ජීවයක්ම මිනිසා නිර්මාණය කරණ ලද්දක් නොවේ. එය ස්වභාව ධර්මයා නැමැති දැලෙහි මිනිසා යනු එක් නූල් හුයක් පමණි.එනම් මිහිමත ඇති සෑම භෞතිකමය සහ භෞතිකමය නොවන සෑම වස්තුවකටම ඉතා ඈත අතීතයක් පවතී.276-194 BC මේ විෂයේ ප්‍රධාන කොටස් වන්නේ අවකාශීය ...

                                               

ජෛව භූගෝල විද්‍යාව

ජෛව භූගෝල විද්‍යාව යනු භූගෝල විද්‍යාත්මක අවකාශයෙහි සහ භූවිද්‍යාත්මක කාලය ඔස්සේ ජීවී විශේෂ, ජීවීන්, සහ පරිසර පද්ධතීන් හී ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනයයි. අක්ෂාංශය, උන්නතාංශය, ඒකලනය සහ වාසස්ථාන සරිය යන්නෙහි භූගෝල විද්‍යාත්මක අවනතියන් ඔස්සේ අතිශයින් ක්‍රමානුකූල ආකාරයකට ජීවින් හා ජීවවිද්‍යාත්මක ප්‍රජාවන් වෙනස් වෙති. විෂමජාතීය නමුත් භූගෝල විද්‍යාත්මකව පුරෝකථනය කල හැකි පරිසරයන්ට අප අනුවර්තනය වෙත්ම, ජීවීන්ගේ සංඛ්‍යාවේ හා ඔවුන්ගේ වර්ග වල අවකාශීය ව්‍යාප්තිය පිළිබඳ දැනුම, අපගේ ආදි මානව මුතුන් මිත්තන් හට මෙන්ම, වර්තමානයෙහි අප හටද ඉතා වැදගත් වෙයි. ජෛව භූගෝල විද්‍යාව වනාහී පරිසර විද්‍යාව, පරිනාමීය ජීව විද ...

                                               

මානව භූගෝල විද්‍යාව

මානව භූගෝල විද්‍යාව යනු පෘතුවිය මතුපිටදී මිනිසාගේ ල පරිසරය සමඟ පවතින අනේ‍යා්න්‍ය හැසිරීම් පිළිබඳ හැඩගැසීම සහ අවකාශ ව්‍යාප්තියේදී අභිප‍්‍රායන් හා ප‍්‍රතිවිපාක සමඟ ඇති විශේෂ සම්බන්ධය ල ආකාර හා ක‍්‍රියාවලි වශයෙන් අධ්‍යයනය කරන භූගෝල විද්‍යාවේ එක් කොටසකිග අරමුණ එය සමාජ විද්‍යාවන් හි මානව ලදේශපාලනික ලසංස්කෘතික ල සමාජීය හා ආර්ථික යන පාර්ශවයන් සපුරාලයි ග තවද පෘතුවියේ භොතික දර්ශනය ල මානව භූගෝල විද්‍යාවේ ප‍්‍රධාන අරමුණ නොවේ:භොතික භූගෝල විද්‍යාව බලන්න*ග පෘතුවිය මත කුමන ආකාරයේ මිනිස් කි‍්‍රයාකාරකම් සිදුවෙනවාද යන්න සහා පරිසර භූගෝල විද්‍යාව මගින් එළිදරව් කරන මේ දෙක අතර ඇති විශේෂ සම්බන්ධය නිසා භොතික භූදර ...

                                               

භූගෝල විද්‍යාව හැදින්වීම

Geography - Introduction භූගෝල විද්‍යාව හැදින්වීම භූ‍‍ගෝල විද්‍යාව යනු පෘථිවියේ ලක්ෂණ, ජීවන ක්‍රමය සම සංසිද්ධින් පිළිපද ඉගැන්වෙන විශයකි. එමෙන්ම එය පෘථිවිය පිළිබද විස්තර කිරීමක් යැයි කිව හැක. භූගෝලවිද්‍යාව පිළිබද සදහන් කල ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉ‍රාටෝස්තීන් Eratosthenes ය. 276-194 BC මේ විශයේ ප්‍රධාන කොටස් වන්නේ අවකාශීය විශ්ලෂෙණය Special analysis ප්‍රදේශය පිළිබද හැදැරීම සහ පෘථිවිය පිළිබද අධ්‍යනයයි. ඒවගේම නුතන යුගයේ භූගොල විද්‍යාව තුල භූගෝලය පමණක් ගැන නොවථ එහි සිදු වු වෙනස් වීම්, ක්‍රියාදාම වැනි දෑ පිළිබද සාකච්ඡා වේ. මෙසේ මානුෂි භූගෝලවිද්‍යාව හා භෞතික භූගෝල විද්‍යාව යැයි කොටස් දෙකක් සදහන් ...

                                               

ජිව භූගෝල විද්‍යාව

ජිව භූගෝල විද්‍යාව ජිව භූගෝල විද්‍යාව යනු අවකාශය හා කාලය මත ජිව භේදය බෙදා හැරීමේ අධ්‍යාපනයයි එයින් අරමුණු කරන්නේ ජිව වස්තු ජිවත්වන්නේ කෙසේ ද කොපමණ බහුලව ද හාමන් ද යන්නයි. ජිවින් බෙදා හැරීමේ ආකාරයේ මේ මට්ටමේ දී සාමාන්‍යයෙන් විස්තර කරනු ලබන්නේ අභාවයට යැම, මහද්වීපික පාවී යෑම, හිම කදු දියවී යැම වැනි ‍ඵෙතිහාසික හේතු එක් කිරිම මගින් සහ මුහුදු මට්ටම සම්බන්ධ වූ වෙනස් වීම් සහ ගංගා අල්ලා ගැනීම් ප්‍රදේශ හා සම්බන්ධ වී මහ ඉඩම් අතහැර දැමීමෙන් තිබෙන ශක්තිය සැපයීමයි. ඉතිහාසය ජිව භූගෝල විද්‍යාවේ විද්‍යාත්මක මතය මැඩෙන්නේ ඇල්ෆඩ් සෙල් චාලස් හා අනෙක් කලින් ක්‍රම‍යෙන් වෙනස් විද්‍යාඥයින්ගේ වැඩි වලින්. 19 වැනි ශත ...

                                               

වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව

වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව වනාහි, වෙරළෙහි භෞතික භූගෝල විද්‍යාව සහ මානව භූගෝල විද්‍යාව යන ද්වයයම ඇතුළත්ව, සාගරය හා භූමිය අතර ගතික අතුරු-මුහුණත පිළිබඳ අධ්‍යයනය වේ. වෙරළාශ්‍රිත ඛාදන ක්‍රියාවලිය, විශේෂයෙන්ම රළ තරංග ක්‍රියාව, අවසාදිත සංචලනය සහ කාලගුණය පිළිබඳ සහ මානවයන් වෙරළ හා සමගින් අන්තර්ක්‍රියා පවත්වා ගෙන යන්නේ කෙලෙසද යන දේ ගැන අවබෝධයක් ලබා ගැනුම, මෙයට ඇතුලත් වෙයි.

                                               

ආර්ථික භූගෝල විද්‍යාව

ආර්ථික භූගෝල විද්‍යාව යනු පෘථිවිය මත ආර්ථික කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රදේශවල පිහිටීම හා ව්‍යාප්තියයි. සමීක්ෂණ ක්‍රමවේදය මගින් මෙය ඉතා හොඳින් පැහැදිලි කර ඇත. නව්‍ය සම්භාවය යුගයේ විසු ඇල්ෆ්‍රඩ් වෙබර් ද මේ පිළිබඳව සඳහන් කර ඇත. 1970 සිට මෙම නව්‍ය සම්භාව්‍ය යුගයේ අදහස් වෙනස් වී මාක්ස්වාදි ආර්ථිකයක් ඇතිවීමත්, සීඝ්‍ර ආර්ථික දියුණුවත් නිසා ආර්ථික භූගෝල විද්‍යාව ඇති විය. මෙයට සමාජීය, ආර්ථික, සහ වර්ග බිම් යොදා ගැනීමද අදාළ විය. ආර්ථික භූගෝල විද්‍යාව, භූගෝල විද්‍යා විෂයේ ප්‍රධාන තැනක් ගනී. පෝල් ක්රැග්මන්, ජෙෆරිසම යන ආර්ථික විද්‍යාඥයින් මේ පිළිබඳව සදහන් කර ඇත. ක්රැග්මන් මෙ විෂය "නව ආර්ථික භූගෝල විද්‍යා ...

                                               

යුධ භූගෝලීය විද්‍යාව

යුධ භූගෝලීය විද්‍යාව යනු භූගෝල විද්‍යාවේ උප ඒකකයක් වුවද එය යුධ කටයුතුවලටම වෙන් නොවූවකි. එහෙත් දේශපාලකයින් සහ ශාස්ත්‍රඥයින් එම විෂයය දෙස යුධවාදී ඇසකින් බැලීම හේතුවෙන් යුධ භූගෝල විද්‍යාව, යුධ විෂයන් බවට පත්ව ඇත. II ලෝක යුද්ධයෙන් පසුව යුධ භූගෝල විද්‍යාව යුද්ධයකදී හෝ සාමයකදී යුධ ප්‍රශ්න විසඳීම සඳහා ලබා දුන්නේ ප්‍රබල සහායකි. මෙම සහායන් ලබා දීමට යුධ භූගෝල විද්‍යාඥයින් භූ දේශපාලනයේ සිට භෞතික පිහිටීම් දක්වා වූ විවිධ අංශ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. එසේම යුධ වාතාවරණයකදී බලපැවැත්වෙන සංස්කෘතික සහ ආර්ථිකමය සාධක පිළිබඳව ද ඔවුන් විශේෂ අවධානයක් යොමුකළ යුතු වේ. යුධ භූගෝල විද්‍යාව යනු භූදේශපාලනික පාලනයේ ...

                                               

සංස්කෘතික භූගෝල විද්‍යාව

සංස්කෘතික භූගෝල විද්‍යාව යනු මිනිස් භූගෝල විද්‍යාවේ උප කේෂ්ත්‍රයකි. ඒ අනුව සංස්කෘතික භූගෝල විද්‍යාව යනු සංස්කෘතික වශයෙන් ඇති දේවල් හා නිගමනයන් පිළිබඳවත් ස්ථානයන් හා අවකාශයට සම්බන්ධ වී ඇති ආකාරය හා ඒවායේ වෙනස්වීම පිළිබඳවත් හැදෑරිමයි. එහිදී භාෂාව, ආගම, ආර්ථිකය, රජය හා වෙනත් විද්‍යාමාන දේ විස්තර කිරිමේ හා වෙන් වෙන් ව පරීක්ෂා කිරිමේ මාර්ග පිළිබඳවත්, එක් තැනකින් තවත් තැනකට සංස්කෘතියේ ඇති වෙනස සහ ඇතැම් සංස්කෘතීන් වෙනස් නොවී තිබිම පිළිබඳවත් සහ අවකාශය සම්බන්ධයෙන් මනුෂ්‍යයන් ක්‍රියාකරන්නේ කෙසේද යන්නත් පැහැදිලි කෙරේ. අධ්‍යයන සීමාව සංස්කෘතික භූගෝල විද්‍යාව හැදෑරීමේ සීමාව පුළුල් පරාසයක පවතී. හැදෑරීමට ...

                                               

ස්වස්ථතා භූගෝල විද්‍යාව

ස්වස්ථතා භූගෝල විද්‍යාව ලෙසින් අදහස් වන්නේ, සෞඛ්‍යය, ලෙඩරෝග හා සෞඛ්‍යය සම්පන්න අධ්‍යයනය කිරීම සඳහා භූගෝලීය විද්‍යාත්මක තොරතුරු, යථාදර්ශනයන් හා ක්‍රමවේදයන් යොදා ගැනීමයි. මෙය වෛද්‍ය භූගෝලීය විද්‍යාව ලෙසද හඳුන්වයි. එය පාදක වූයේ සෞඛ්‍යයේ ජීව - වෛද්‍යමය ආකෘතිය මත වන අතර තාර්කික යථානුභූතවාදි දර්ශනයද සැලකිල්ලට ගනී. සමාජ, නොඑසේනම් සාමාජීය - පාරසරික ආකෘතිය මඟින් ලෙඩරෝග සඳහා වඩාත් සංකල්ප ප්‍රවේශයක් යොදාගනු ලබයි. එමගින් පද්ධතියේ උපාංගවලට නොව සමස්ථ පුද්ගලයාටම ප්‍රතිකාර කිරීම පිළිබදව අවධාරණය කරනු ලබයි. මෙම ආකෘතිය යටතේ නව ලෙඩ රෝග සොයාගන්නා අතර අනෙකුත් ආකාර වල ‍ඖෂධ සාම්ප්‍රදායික ඖෂධ සමඟ සංයෝග කරනු ලබයි. ...

                                               

ප්‍රවාහන භූගෝල විද්‍යාව

ප්‍රවාහන භූගෝලවිද්‍යාව යනු, මිනිසුන් බඩු ප්‍රවාහනයේ හා ‍තොරතුරු වල අවකාශීය සම්බන්ධතාව සොයා බලන භූගෝල විද්‍යාවේ අංශයයි. එය මිනිසුන් තම වාහන හෝ තවත් ප්‍රවාහන මාධ්‍ය උපකාර කරගෙන ගමනාගමනය හෝ වෙළඳ පොළට නිමැවුම් භාණ්ඩ හා අමු ද්‍රව්‍ය සැපයීම ලෙස සැලකිය හැක. මෙය ආර්ථික භූගෝලීය විද්‍යාවේ කොටසකි. ප්‍රවාහන මාධ්‍යයන් ක්ෂණික, නොමිලේ සැපයෙන, සීමාරහිත ඉඩකඩක් සහිත සැමවිටම ගත හැකි ලෙස සැකසී ඇත්නම් එය විශිෂ්ඨ ප්‍රවාහන මාධ්‍යයකි. නමුත් සැබෑ ජීවිතයේදී මාර්ග තැනී‍මේදී අවකාශය සීමාවක් බවට පත්වේ. ප්‍රවාහනය ආර්ථික ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකි අතර එය අනෙක් ඒවායින් වෙනස්වේ. එය අවකාශය හා කාලය හුවමාරුවෙන් මුදල් ලබා ග ...

                                               

නාගරික භූගෝල විද්‍යාව

නාගරික භූගෝල විද්‍යාව යනු නාගරික ප්‍රදේශ පිළිබඳව කෙරෙන අධ්‍යයනයයි. එනම් වැඩි ගොඩනැගිලි සංඛ්‍යාවක් හා යටිතල ව්‍යුහයක් ඇති ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනය. ආර්ථික ක්‍රියාවලිය ද්වීතික ‍හෝ තෘතීක ආකාරයෙන් වැඩි වශයෙන් පවතින්නේ මෙම ප්‍රදේශ වලය.තවද මෙම ප්‍රදේශ වල ජන ඝනත්වයද වැඩි අගයක් ගනී. මෙය වඩාත් පුළුල් වූ මනුෂ්‍ය භූගෝලීය අධ්‍යයනයෙන්ම කොටස් ලෙස හැඳින්විය හැක. නමුත් බොහෝ විට මෙහි මානව විද්‍යාව හා සමාජ විද්‍යාව යන විෂයන්ට අදාල පොදු කරුණුද අඩංගුවේ. නාගරික භූගෝල විද්‍යාව මඟින් සාධක අවකාශයේ සම්බන්ධවන ආකාරය, එමඟින් සිදුවන සේවා හා ඒවායේ අන්තර් සම්බන්ධතා පිළිබඳ අවබෝධ කර ගැනීමට උත්සහ කරයි. නාගරික භූ විද්‍යාඥයෝ ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →