Back

ⓘ භාෂා




                                               

භාෂාව

භාෂාව යනු සන්නිවේදන ක්‍රමයකි. මානව භාෂණ හා කථන භාෂා සංකේත සහ එම සංකේත හසුරුවන ව්‍යාකරණය ඇතුළත් පද්ධතිය ලෙස විස්තර කළ හැකි ය. එම නිසා භාෂාව වනාහි පුද්ගලයකුගේ කථන ඉන්ද්රිය උපකාර කොට ශබ්දය මුදාහැරීමත් එය විවිධාකාර ලෙස අනුයෝජනය කිරීමත්ය. මිනිසා සොයා ගෙන ඇති ප්‍රබලම උපකරණය භාෂාව යි.එමෙන්ම භාෂාව මිනිසාගේ සිතීමේ උපකරණය ලෙසද සැලකිය හැකිය. ප්‍රථම ලිඛිත භාෂා ක්‍රමය වුයේ නීලංකාරයයි. නමුත් කථාකරන භාෂාව ලිවිම ඇරඹිමට අඩු වශයෙන් අවුරුදු දසදහස් ගණනක් ගත වු බව විශ්වාස කෙරේ. භාෂාවක් යනු දෘශ්‍ය ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය සන්නිවේදන සංකේතයන් හා ඒවා මෙහෙයවිම සදහා යොදාත් රීතින්ය. එවැනි ක්‍රමයක් සාමාන්‍ය සංසිද්ධියක් ලෙස ...

                                               

ඉන්‍දු-ආර්ය භාෂා

ඉන්‍දු-ආර්ය හෙවත් ඉන්‍දු භාෂා යනු ඉන්‍දීය අර්ධද්වීපයේ ප්‍රමුඛ ම භාෂා පවුල යි. මේවා ඉන්‍දු-යුරෝපීය භාෂා පවුලේ ඉන්‍දු-ඉරානීය භාෂාවල ශාඛාවකි. බිලියන 3ක් පමණ වූ ඉන්දු-යුරෝපීය බස් වහරන්නන්ගෙන් බිලියන 1.5ක් ම පමණ ඉන්දු-ආර්ය කථිකයෝ ය. මෙබස් ප්‍රධාන වශයෙන් දකුණු ආසියාවේ වැහැරුණ ද යුරෝපයේ සහ මැද පෙරදිග ද සුළු වශයෙන් සොයාගත හැක. කථික සංඛ්‍යාවෙන් විශාලතම බස් පිළිවෙලින් හින්දුස්ථානී හින්දි-උර්දු, මිලියන 329ක් පමණ, බෙංගාලි මිලියන 242, පංජාබි මිලියන 100ක් පමණ, ඉන්පසු අනෙක් බස්, 2005 ඇස්තමේන්තුවට අනුව මුලු දේශීය කථික ප්‍රජාව මිලියන 900ට ආසන්න වෙයි.

                                               

ඉන්දු-අයිරේනියානු භාෂා

ඉන්දු-අයිරේනියානු භාෂා, හෙවත් ආර්ය භාෂා යනු ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ පවත්නා විශාලතම සහ වඩාත් අග්නිදිගට වන්නට පිහිටි ශාඛාව වේ. මෙම භාෂා කථා කරන්නන් බිලියන 1.5කට අධික සංඛ්‍යාවක් හමුවන අතර, ඔවුහු යුරෝපය, තුර්කිය සහ කොකේසස් සිට නැගෙනහිරට වන්නට ෂින්ජියෑං සහ ඇසෑමය දක්වාත්, දකුණින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින තෙක් මෙන්ම, ඕෂනියාව තෙක් ව්‍යාප්ත වී ඇත. එමෙන්ම, වයඹදිග යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ඉන්දු-අයිරේනියානු කථිකයින්ගේ විශාල ඩයස්පෝරා ප්‍රජාවක් දක්නට ලැබෙයි. මෙම පවුලට අයත් සියලු භාෂාවන්හි පොදු මූල භාෂාව ලෙස ප්‍රාක්-ඉන්දු-අයිරේනියානු හෙවත් පොදු ආර්ය භාෂාව සැලකේ. මෙය ක්‍රි.පූ. 3වන සහස්‍ර ...

                                               

උපකාරක භාෂා

මානව සන්නිවේදනය සඳහා භාවිත කිරීමට නිර්මාණය කළ භාෂා සැලසුම් කළ භාෂා ලෙස හැඳින් වෙයි. එම නිසා පර්යේෂණයකට​, කලා කටයුත්තකට ​, රහස් සන්නිවේදනයට ආදි කටයුතුවලට නිර්මාණය කළ භාෂා, සැලසුම් කළ භාෂා ගණයට අයත් නොවේ. මේවා අතරින් බහුතරයක් අන්තර්ජාතික උපකාරක භාෂාවක භූමිකාව නිරූපණය කිරීමට නිර්මාණය කර තිබේ. එහෙත් මේ අතර වෘත්තීයමය කටයුතු සඳහා සැලසුම් කළ සීස්පීක් Sea-Speak වැනි භාෂා ද​, කලාපීය උපකාරක භාෂා වශයෙන් සැලසුම් කළ ස්ලෝවියො වැනි භාෂා ද​, අන්තර්ජාතික උපකාරක භාෂාවක අරමුණින් නිර්මාණය නොකළත්, අන්තර්ජාතික මට්ටමින් සන්නිවේදනයට භාවිතා වෙන තෝකි පෝන වැනි භාෂා ද ඒ අතර වෙයි. බොහෝ විට සාමන්‍ය ලේඛණ භාෂාවන් විවිධ ම ...

                                               

ඉන්දු-යුරෝපීය භාෂා පවුල

ඉන්දු යුරෝපා භාෂා යනු භාෂා හා උපභාෂා සිය ගණනකින් සමන්විත වූ භාෂා කුලයකි. එත්නොලොග් සඟරාවට අනුව, දැනට භාවිතයේ පවතින ඉන්දු යුරෝපා භාෂා 445ක් පමණ තිබෙන අතර, ඒවායෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් 313 ඉන්දු ඉරානීය ශාඛාවට අයත් වේ. වැඩිම දෙනෙක් තම මවුබස ලෙස භාවිත කරන භාෂා ස්පාඤ්ඤ, හින්දුස්තානි හින්දි-උර්දු, ඉංග්‍රීසි, ප්‍රංශ, බෙංගාලි, පන්ජාබ්, සහ රුසියානු භාෂා වන අතර ඒවා මිලියන 100කට වැඩි පිරිසක් භාවිතා කරති. ඒ අතර ම ඉතාලි, ජර්මානු, මාරති, පර්සියානු භාෂා භාවිත කරන විශාල පිරිසක් ද වෙති. අද වන විට, සම්පූර්ණ මිනිස් ජනගහනයෙන් 42% බිලියන 3.2 ඉන්දු යුරෝපා භාෂාවක් තම මවු බස ලෙස භාවිතා කරන අතර එය වැඩිම භා ...

                                               

භාෂා ප්‍රාදේශීයකරණය

"භාෂා ප්‍රාදේශීයකරණය" යනු ජාත්‍යන්තරීකරණය සහ ප්‍රාදේශීයකරණය ලෙස හැඳින්වෙන, වෙන් වෙන්ව පවත්නා වෙළඳ පොලෙහි විෂමතා විස්තර කරන්නට නිෂ්පාදන පරිවර්තන සහ සංස්කෘතික අනුරූපනයේ වඩා විශාල ක්‍රියවලියෙහි දෙවැනි අදියරයි. දේශීය අවශ්‍යතාවන්ට නිෂ්පාදන නිවැරදිව අනුවර්තනය කිරීම සඳහා ඉලක්ක කරගත් සංස්කෘතියේ පරිපූර්ණ අධ්‍යනයක යෙදෙන බැවින්, භාෂා ප්‍රාදේශීයකරණය යනු හුදෙක් පරිවර්තන ක්‍රියාකාරකමක් නොවේ.ප්‍රාදේශීයකරණය ඇතැම් විට සංඛ්‍යාත්මක "L10N" ලෙස සදහන් වේ. ප්‍රාදේශීයකරණ ක්‍රියාවලිය,සංස්කෘතික අනුරූපනයට සහ මෘදුකාංග, වීඩියෝ ක්‍රීඩා සහ වෙබ් අඩවි පරිවර්තනයට වැඩි වශයෙන්ද ලිඛිත පරිවර්තනය සඳහා මද වශයෙන්ද සබැඳි වේ.සංස්කෘ ...

ද්‍රවිඩ භාෂා
                                               

ද්‍රවිඩ භාෂා

ද්‍රවිඩ යනු ලොව ජීව භාෂා කිහිපයක්ම අයත්වන භාෂා පවුලකි. දකුණු ඉන්දියාව පුරා මෙම ගණයට අයත් භාෂා ප්‍රධාන වශයෙන් දැකගත හැක. දෙමළ, තෙළිගු, කන්නඩ, අණ්ඩර දෙමළ, මලයාලි යන භාෂා මෙම පවුලට අයත් ප්‍රධාන භාෂා වේ.

අප්‍රිකාආසියාතික භාෂා
                                               

අප්‍රිකාආසියාතික භාෂා

අප්‍රිකාආසියානු සහ සාම්ප්‍රදායික ලෙසින් හැමිටෝ-සැමිටික් ලෙසින්ද හැඳින්වෙන, අප්‍රිකාආසියාතික යනු, 300 පමණ සජීවී භාෂා ඇතුළත් විශාල භාෂා පවුලකි. අප්‍රිකාආසියාතික භාෂා ප්‍රමුඛ වශයෙන් භාෂිත වන්නේ මැද පෙරදිග, උතුරු අප්‍රිකාවේ, අප්‍රිකාවේ අඟෙහි, සහ ෂෑහෙල්හී කොටස් වලය. මිලියන 300 ට වැඩි ජනකායක් අප්‍රිකාආසියාතික භාෂාවක් කතා කරති.

                                               

ටසමායි භාෂාව

ටසමායි යනු ඉතියෝපියාවේ ව්‍යවහාර කරන අප්‍රි-ආසියාතික භාෂාවකි. එසේම එය ඩුලෙයි භාෂාවේ උපභාෂාවකි. කියුල් හා ප්‍රකට ඩුමේ පැහැදිලි උපවර්ග වේ.

                                               

නීනෝර්ස්ක්

නීනෝර්ස්ක් සුපිරි උපභාෂාවකි. නෝර්වේජියානු උපභාෂා මූලාශ්‍කර ගනිමින් Ivar Aasen විසින් 1850 දී නිර්මාණය කොට අවසන් කළ උපකාරක භාෂාවකි. Bokmålට පසුව වඩාත් ව්‍යාප්තිත නෝර්වේජියානු ලිඛිත භාෂා ව්‍යවහාරයයි.

සංස්කෘත
                                               

සංස්කෘත

සංස්කෘත යනු හින්දු ආගමේ, බුදු දහමේ සහ ජෛන ආගමේ දේව මෙහෙයන්ට යොදා ගන්නා සහ එම ආගම් වල දර්ශනය සමඟ සබැඳි භාෂාවකි. එමන්ම ඉන්දියානු සංස්කෘතික කලාපයේ සාහිත්‍යමය භාෂාවක් ලෙස භාවිත කෙරෙන්නකි.

                                               

සම්මත උපභාෂාව

උපභාෂා කිහිපයක් ඇති භාෂාවක නිල වශයෙන් පිළිගත් උපභාෂාව, සම්මත උපභාෂාවයි. අධ්‍යාපන ආයතනවල, ජනමාධ්‍යවල භාවිතා කරන්නේත්, වඩාත් නිවැරදි භාෂා ව්‍යවහාරය වශයෙන් සලකන්නේත් සම්මත උපභාෂාවයි. ඇතැම් භාෂාවක සම්මත උපභාෂාව​, එහි එකිනෙකට වෙනස් උපභාෂා මූලාශ්‍කර ගනිමින් අළුතෙන් නිර්මාණය කළ භාෂාවකි. එවැන්නකට සුපිරි උපභාෂාව යයි කියනු ලැබේ.