Back

ⓘ තායිලන්තය




තායිලන්තය
                                     

ⓘ තායිලන්තය

තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භූමිබොල් අදුල්යාදෙජ් රජු එහි 9 වන රජුය. ‍ මොහු 1946 සිරට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙයන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513.000 Km2 වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්‍රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම ‍සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී.

                                     

1. අගනුවර

බැංකොක් තායිලන්තයේ අගනගරයයි. මෙය කෙටියෙන් "තායි" ලෙස හදුන්වයි. මෙම නගරය තායිලන්තයේ දේශපාලන, සමාජීය හ ආර්ථික මධ්‍යස්ථානය වෙයි. 1980 හා 1990 යන වර්ෂ වල ආසියානු ආයෝජනයේ උච්චතම අවස්ථාවේ පැවති බැංකොක් නගරය කලාපයේ ආර්ථික හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය විය.එයින් ලෝකේ අනෙක් රටවලට දේශපාලන හා සංස්කෘතික අතින් කරන බලපෑම් වැඩි විණි. 2019 වර්ෂයේදී එයට ගිණිකොණ දිග ආසියාවේ වැඩිම වියදම් ඇති නගරය අතර දෙවැනි තැන හිමි විය.