Back

ⓘ ලක්දිව දේශීය ආහාරමය අල වර්ග




                                     

ⓘ ලක්දිව දේශීය ආහාරමය අල වර්ග

දේශීයව වගා කළ හැකි අල වර්ග 93 ක්‌ පිළිබඳ සඳහන් වුවද අද වන විට මෙරට ජනතාව වැඩිපුරම පරිභෝජනය කරන අල වර්ගය වී තිබෙන්නේ අර්තාපල්ය. අර්තාපල් ද දේශීයව වගා කළත්, ඒ සඳහා සාදා ගනු ලබන්නේ ආනයනික බීජ වර්ගයන්ය. අර්තාපල් හැරුණු විට මෙරට ජනතාව බහුලව ආහාරයට ගන්නා අල වර්ග ලෙස මඤ්ඤොක්‌කා සහ බතල හඳුනාගත හැක. මෙම අල වර්ගයන් ද පෘතුගීසි සමයේදී මෙරටට ගෙඑන ලද අල වර්ග ලෙස සැලකිය හැකි වුවත් පසුගිය කාලය තුළ දී දේශීය මඤ්ඤොක්‌කා ප්‍රභේදයක්‌ හඳුනා ගැනීමට ඉංගිරියේ ප්‍රේමරත්න මහතා සමත් වී ඇත. එම මඤ්ඤොක්‌කා වර්ගය "කිරි කවඩි" නමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජනතාවට හඳුන්වා දී ඇත.

මෙම අල වර්ගයන් හැරුණු විට උඩල, රාජා අල, ඇඟිලි අල, ගහල, කටු කුකුලල, කහ අල, කීඩාරන්, ජාවා අල, හබරල, හිරිතල, ගෝනාල, කහට අගල, කම්බු කොඩොල්, කිරි කොඩොල්, රතු කොඩොල්, කිරි වැල් අල, රටල, සුදු අල, කටු අල, බුත්සරණ, කිරි අල, කිරිබරු අල, කොකිස්‌ අල, කොළකන අල, හිඟුරල, ලේන දන්තිල, කිරි හබරල, සීරුවල්ලි, රතු අල, රත්න අල, රැවුලල, සීනි අල, සෙවෙල් අල, දන්දින අල, දෙහි අල, උයල, කඳල, හොඬල, කොහිල, කිරි සම්බල, පණු අල, සීනි කෙහෙල් අල, අතු අල, තුන් මස්‌ රෝස, තුන්මස්‌ සුදු, නිට්‌ටාල, ඉබුල්, ඕවිටි අල, කහට, පිට්‌ටු අල, ආටිචෝක්‌, පාත්තරා අල, යකු අල, කොළ හබරල, රැල්බුරුල්ලා, අඩදම්, බිනර, කාබේරි අල, වැල් අල, තිරිංගල, සව්කෙන්දා, ගොරොක්‌ අල, ගොටු අල, කිරි හිඟුරල, බෝල බුත්සරණ, සුදු බුත්සරණ, ගොම අල, හුලංකීරිය, දේශල, කළු අල, කන්ඩල, දෙමස්‌ අල, හැරමස්‌ අල, ඉන් අල, නිල් කීඩාරන් යන අල වර්ග පිළිබඳව සඳහන්වේ. (මෙහි මඤ්ඤොක්‌කා හා බතල යන අල වර්ගවල ප්‍රභේද පිළිබඳ නොවේ. ආටිචෝක් යනු බුත්සරණ අල ම බවට පසුගිය දිනවල වගා සංග්‍රාමය වැඩසටහන තුල කියවුනි.

සෙංගමාල රොගීන්ට ගුණය. රසවත් ආහාරයකි.

මන්තර ගුරුකම් වලටබ ගන්න වටිනා බේත් වර්ගයක් වන අතර දේව ආකර්ෂණය ලබා ගත හැකි අල වර්ගයකි

මෙයට මන්තර පවා ගොඩ නගා ඇත

                                     

1. = හුලන් කීරීය

කුකුලල

මෙම වර්ගයේ අලවල හැඩය කැරට්‌ අලයේ හැඩයට සමාන වේ. අල පැණි රසයෙන් යුක්‌ත වන අතර කුඩා ප්‍රමාණයේ අල පොකුරු වශයෙන් හට ගනී. මෙම අල තම්බා ආහාරයට ගනු ලැබේ.

=== ඉන්න ල ===

ගහල

රසවත් අහාරයකි.තුන්මස් අල,දෙහිඅල සහ කදල යන ලෙස ප්රෙභේද කීපයකි.මෙහි කොලද අහාරයට ගනී.

                                     

1.1. = හුලන් කීරීය ගහල

රසවත් අහාරයකි.තුන්මස් අල,දෙහිඅල සහ කදල යන ලෙස ප්රෙභේද කීපයකි.මෙහි කොලද අහාරයට ගනී.

                                     

1.2. = හුලන් කීරීය කිඩාරන්

වර්ග තුනකි. තද කොළ පත්‍ර සහිත වර්ගය බෙහෙත් කිඩාරන් වේ,එය අහාරයට නොගනී.දේශීය වෙදකමේ දී ගෙඩි, වණ සුව කිරීම සඳහා යොදා ගනී. ලංකාවේ උතුරු පළාතේ බහුලව යොදාගන්න වූ ඉතාමත් ගුණදායක ඔවුෂදයක් ලෙස මෙන්ම ආහාරයක් ලෙසද වැදගත් ශාකයක් වේ.මෙහි අල අර්ශෂ් රෝගීනට ඉතාමත් ගුණදායක වේ.කිඩාරන් අල සුප් දියවදියා රෝගීන්ට පිෂ්ටය අඩු ආහාරයක් ලෙස ඉතා ගුනදායකද වේ.සෙම් රෝග නසයි,අඩුම හා කැස්සට ගුනවේ. පොලොන් විෂ ඉවත් කරයි, බොහෝ දෙනෙකුට මෙහි අවුෂදීය සහ අහාරාමය ව ඇති වැදගත් කම ගැන දැනුම අල්පය. කිඩාරන් යන නම ඇසූ සැනින් බොහෝ දෙනාගේ මතකයට නැඟෙන්නේ දුඟද හමනා මලකි. එසේ වුවත් කිඩාරන්වල ආහාරයට ගන්නා ප්‍රභේද මෙන්ම වල් දර්ශක ද ඇත.

කිඩාරන් වල ළා කොළ පාට කඳ සහ සුදු පුල්ලි ඇති වර්ගය කෑමට ගන්නා අතර ශාකයේ ගොබය වෑංජනයක්‌ ලෙස ද පිළියෙල කර ගනී.

කොලොං කීඩාරං ලෙස සඳහන් ප්‍රභේදය වල් දර්ශකයයි. මෙම ශාකයේ කඳ රතු පාටෙන් යුතු වන අතර එහි පොළඟකුගේ මෙන් පුල්ලි හට ගනී. මෙහි අල කෑමට නොගත්තත්, ඖෂධ සඳහා භාවිත කරන බව සඳහන් වේ.

                                     

1.3. = හුලන් කීරීය වැල් අල

බුලත්කොළ හැඩති කොළ සහිතය, බොහෝවිට ගසකට හෝ වැටට වනලෙස වවා ඇත,රාත්තල් 100 පමණ බර අලයක් හටගනී,අලය දිගැටිය,ගටිතිබ් රාශියකි,සුදුපාටය,ගැටිති ඉවත්කොට සෝදා තැම්බීම ඉතා වැදගත්ය.අර්ශෂ් වලට ඉතා ගුනවේ.නිවසේ වියලි සිසිල් ස්ථානයක වියලි වැලි තට්ටුවක් මත අතුරා තැබීමෙන් දින 100 පමණ වැල් අල කල් තබාගත හැකි බව පැරණි ගොවීන්ගේ අත්දැකීමයි.මෙය වගා කිරීමට විශේෂ පරිසරයක් අවශ්‍ය නොවේ.වල් පැළයක් ලෙස සැලකැවත් තම්බා පිස ගත් කල ඉතා රසවත් අහරක් වේත