Back

ⓘ ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව



                                               

පූජිත් ජයසුන්දර

පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර යනු ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා වේ. 2016 අප්‍රේල් 20වන දින ව්‍යවස්ථාදායක සභාව විසින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු අතුරින් පූජිත් ජයසුන්දර ශ්‍රී ලංකාවේ 34වන පොලිස්පතිවරයා වශයෙන් තෝරා පත්කර ගැණිනි.

                                               

ශ්‍රී ලංකාවේ අසම්භාව්‍ය ජනාධිපතිවරණ ක්‍රමය

අසම්භාව්‍ය මැතිවරණ ක්‍රමය යනු ඡන්ද දායකයන් අපේක්ෂකයන් සිය කැමැත්තේ අනුපිළිවලට ලකුණු කල පසු ඉන් එක් ජයග්‍රහකයෙකු තෝරාගන්නා මැතිවරණ ක්‍රමයකි. ප්‍රථම මනාප ගණනයෙන් පසුව එක් අපේක්ෂකයෙකුටවත් බහුතර මනාප ලබාගත නොහැක වී නම් ඉහළ මනාප ලබාගත් දෙදෙනා හැර ඉතිරි අපේක්ෂයන් තරගයෙන් ඉවත් කරනු ලැබේ. පසුව එසේ ඉවත් කෙරුනු අපේක්ෂකයන්ට ලැබී තිබුණු ඡන්දවල දෙවන මනාප ගණන්කර තරගයේ රැදී සිටින අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදා හැරේ. මෙමගින් අවසානයේ එක් අපේක්ෂකයෙකු බහුතරයක් ඡන්ද ලබා ජයග්‍රහනය කරයි.මෙය විකල්ප මැතිවරණ ක්‍රමයකට සමාන නමුත් එක් වෙනසක් ඇත. එනම් විකල්ප මැතිවරණ ක්‍රමයකදී ඡන්ද ගණන්කිරීම වට කිහපයකදී සිදුවිය හැකි නමුත් ...

ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව
                                     

ⓘ ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව

ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව යනු, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාර, ලංකාවේ විධායක සභාව හා සමගින් 1833 වසරෙහිදී පිහිටවුනු, ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. එය දිවයිනෙහි නියෝජනාත්මක රජයක පළමුවන ස්වරූපය විය. 1931 වසරෙහිදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදි.

                                     

1.1. ඉතිහාසය හැඳින්වීම

1833 වසරෙහිදී කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාව විසින්, බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජනාත්මක රජයක පළමු පියවර ලෙසින්, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය කරන ලදි. ආරම්භයෙහිදී, ව්‍යවස්ථාදායක සභාව සමන්විත වූයේ සාමාජිකයන් 16 දෙනෙකු ගෙනි: බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, ලංකාවේ විධායක සභාවේ පත්කල සාමාජිකයන් පස්දෙනා, වෙනත් රජයේ නිලධාරින් සතරදෙනෙක් බස්නාහිර සහ මධ්‍යම පළතේවල දිසාපතිවරුන් ඇතුළුව සහ පත්කල නිලනොලත් සාමාජිකයන් සයදෙනෙක් යනුවෙනි. නිලනොලත් සාමාජිකයන්හට නීති සම්පාදන සඳහා මුල පිරීමට හිමිකම් නොවීය; ඔවුනට අවකාශ තිබුයේ සාකච්ඡා වලට සම්මාදම් වීමට පමණි. රටෙහි පරිපාලනය සඳහා හඬක් නැගීමට එහි ජනතාවට ලැබුනු පළමු අවස්ථාව මෙය විය. කෙසේවෙතත්, 1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි.

1889 වසරෙහිදී, පත්කල නිලනොලත් සාමාජිකයන් ගණන අට දක්වා ඉහළ නංවන ලදි.

                                     

1.2. ඉතිහාසය මැකලම් ප්‍රතිසංස්කරණ

1910 වසරෙහිදී සිදුකෙරුණු මැකලම් ප්‍රතිසංස්කරණ තුලින්, ව්‍යවස්ථාදායක සභාව ප්‍රතිසංස්කරණය කෙරිණි. සාමාජිකත්වය 18 සිට 21 දක්වා ඉහළ දමන ලද අතර, එයින් 11 දෙනෙකු නිල සාමාජිකයෝ සහ 10 දෙනෙකු නිල-නොවන සාමාජිකයෝ වූහ. නිල-නොවන සාමාජිකයන් අතුරින්, සය දෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අතර ඉතිරි සතර දෙන තෝරා පත් කර ගන්නා ලදි යුරෝපියානුවෝ දෙදෙනෙක්, බර්ගර් ජාතිකයෝ එක් අයෙක් සහ උගත් ලාංකිකයෝ එක් අයෙක්.

මැකලම් ප්‍රතිසංස්කරණයන්හී ඉතාමත් වැදගත් පාර්ශවය වූයේ තෝරා පත් කර ගන්නා සාමාජිකයන් හඳුන්වාදීමයි. කෙසේවෙතත්, 3.000 ට අඩු 4% ප්‍රමාණයක් ජනතාවට පමණක් ඡන්දය ප්‍රකාශ කල හැකිවූයේ, ඡන්දය දීමේ අයිතිය දානය කෙරුණේ උගත් බව සහ දැරූ වත්කම් මත පදනම්ව බැවිණි. තෝරා පත් කර ගත්, නිල-නොවන සාමාජිකයන් සතර දෙනා අතුරින් එක් අයෙකු වූයේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. ආදායම පාලනය කිරීමට, මූල්‍ය කාරක සභාවක්ද පත් කෙරිණි. එය සමන්විත වූයේ යටත් විජිත භාර ලේකම්, යටත් විජිත භාර භාණ්ඩාගාරික, ආදායම් පාලක සහ මියළු කිල-නොවන තෝරා පත් කර ගත් සාමාජිකයන් වෙතිනි. මෙම වෙනස්කම් විසින් ලාංකිකයන් සෑහීමකට පත් නොවූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ව්‍යාපාරය තවදුරටත් තීව්‍ර විය.

                                     

1.3. ඉතිහාසය පළමුවන මැනිං ප්‍රතිසංස්කරණ

1920 වසරෙහිදී සිදුවූ පළමුවන මැනිං ප්‍රතිසංස්කරණ වෙතින් තවද ප්‍රතිසංස්කරණ නීතිගත කෙරිණි. සාමාජිකත්වය 21 සිට 37 දක්වා ඉහළ නංවන ලද අතර, එයින් 14 දෙනෙකු නිලලත් සහ 23 දෙනෙකු නිල-නොවන වූහ. නිල-නොවන සාමාජිකයන් අතරින්, සතරදෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අතර උඩරට සිංහල දෙදෙනෙක්, මුස්ලිම් එක් අයෙකු සහ ඉන්දියානු දෙමළ එක් අයෙකු ඉතිරි 19 දෙනා තෝරා පත් කර ගන්නා ලදහ.

සැලකිය යුතු වෙනසක් වූයේ ප්‍රාදේශීය පදනමකින් ඡන්ද බල ප්‍රදේශ හඳුන්වාදීමයි. ප්‍රාදේශීය ඡන්ද බල ප්‍රදේශ 11 අතරින්, තුනක් බස්නාහිර පළාත තුලද අනෙක් පළාත් අට තුල එක බැගින්ද පිහිටියේය.විධායක සභාවට නිල-නොවන සාමාජිකයෝ තිදෙනෙක් තෝරා පත් කර ගන්නා ලදි. මෙම ප්‍රතිසංස්කරණ කෙරෙහිද ලාංකිකයෝ සතුටට පත් නොවූ අතර තවද වෙනස්කම් ඉල්ලා සිටියහ.

                                     

1.4. ඉතිහාසය දෙවන මැනිං ප්‍රතිසංස්කරණ

1923 වසරෙහිදී ක්‍රියාත්මකවූ දෙවන මැනිං ප්‍රතිසංස්කරණ වෙතින්, 37 සිට 49 දක්වා සාමාජිකත්වය ඉහළ නංවන ලද අතර, එයින් 12 දෙනෙකු නිලලත් සාමාජිකයන්ද 37 දෙනෙකු නිල-නොවන සාමාජිකයෝද වූහ. නිල-නොවන සාමාජිකයන් අතරින්, ආණ්ඩුකාරවරයා විසින් අටදෙනෙකු පත් කරන ලද අතර මුස්ලිම් තිදෙනෙක්, ඉන්දියානු දෙමළ දෙදෙනෙක් සහ වෙනත් තිදෙනෙක් ඉතිරි 29 දෙනා තෝරා පත්කරගන්නා ලදහ. ප්‍රාදේශීය ඡන්ද බල ප්‍රදේශ 23 බෙදී ගියේ පහත පරිදීය:

  • නැගෙනහිර පළාත 2
  • ඌව පළාත 1
  • මධ්‍යම පළාත 2
  • සබරගමුව පළාත 2
  • උතුරු පළාත 5
  • බස්නාහිර පළාත 5
  • උතුරු මැද පළාත 1
  • වයඹ පළාත 2
  • දකුණු පළාත 3
                                     

2. ආශ්‍රිත

  • "ෆර්ස්ට් ටේස්ට් ඔෆ් රෙප්‍රසන්ටේටිව් ගවර්න්මන්ට්". සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකාව. 18 මාර්තු 2007.
  • රාජසිංහම්, කේ. ටී. "චැප්ටර් 2: බිගිනිං ඔෆ් බ්‍රිටිෂ් රූල්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →