Back

ⓘ චරිත කථා



                                               

ජීවන කථා

ජීවන කථා පුරාතණ ආකාර පුරාතණ ජීවන කථා ලියන ලද්දේ පාලකයන්ගේ අවසරය ලත් ලේඛකයන් විසිනි. මෙම චරිත කථා පුරාණ සිරියාව, බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොනේමියාව වැනි ශිෂ්ටාචාර වලින් හමුවේ. මෙහිදී පුද්ගලයන් ගරු කිරිමකට හා ඔවුන්ගේ පුද්ගලික ජීවිත විවරණයකට ලක්ව ඇත.‍ සාම්ප්‍රදායික ආකාර පුරාතණ ග්‍රික ශිෂ්ටාචාරය ජීවන කථා ලොවට හදුන්වා දුන් අතර එම කථාවලට ජීවිත Lives ලෙස නම් කරන ලදී. ග්‍රීකයන් විසින් පුරාතණ පෙරදිග සම්ප්‍රදායන් හා පර්සියන් රජවරුන්ගේ තොරතුරු මේවාට අඩංගු කලේය. පැරණිම ජීවිත කථා ලෙස අයිසොක්‍රැට්" හා "සෙනො‍ෙෆාන්" ගේ ජීවිත කථා හැදින්විය හැක. අයිසොක්‍රැට්" එවාගො‍රාස් වලින්ද සෙනොන්" ඇගිසිලාමස් වලින්ද පැව ...

                                               

නීම් නීම් ෂාහද් ෂාහද්

නීම් නීම් ෂාහද් ෂාහද් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි භාෂා මාලා නාට්‍යයකි. 2011 අගෝස්තු 15 දින විකාශය ආරම්භ වූ මෙය සහරා වන් නාළිකාව තුළින් විකාශය කෙරිණි. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ක්‍රියේටිව් අයි ලිමිටඩ්හි ධීරාජ් කුමාර් විසින් වන අතර, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අම්රපාලි ගුප්තා සහ ක්‍යාති මංගලා විසිනි. මෙම කතාමා‍ලාවෙන් පසුව එහි දෙවන කථා වාරය තුජ් සන්ග් ප්‍රීත් ලගායි සජ්නා යන නව නාමය යටතේ, වෙනස්ම කථා ගණයක් ලෙස සහරා වන් නාළිකාවෙන් විකාශය විය‍.

                                               

විශ්ව විසිර වියමන (World wide web) - සාහිත්‍යයේ වු ඉතිහාසය

ගෘහස්ථ ගෝලීය තොරතුරු පද්ධතියක සංකල්පය අවම තරමින් ඇසිසැක් ඇසිමොව් ගේ" ඇනිවර්සරි” කෙ‍ටිකතාව තෙක් වත් ආපසු දිවෙයි. එහිදි එම චරිත, පෘතුවි අභ්‍යන්තරයේ ඇති සුපිරි පරිගණකයකට විශ්ව විසිරි පරිපථ ජාලයක් හරහා සම්බන්ධිත මල්ටිවැක් අවුල් ලට් ලෙස හදුන්වන ගෘහස්ථ පරිගණකයක් තුලවු තොරතුරු විමසා බලයි. එක් චරිතයක් ඔහුගේ දරුවන් සඳහා මල්ටිවැක් Jr. ආකෘතියක් ස්ථාපනය කිරීමට සිතයි. එම කථාව ගොඩ නැගි ඇත්තේ වාණිජ අභ්‍යවකාශ ගමන් සුලභ ඈත අනාගතයකය. එහිදි යන්ත්‍රය පිලිතුරු පටි කැබැල්ලක මුද්‍රණය කරන අතර එය කවුළුවක් තුළින් එළියට පැමිණේ. එහි විඩියෝ සංදර්ශණයක් නැත. ගෘහස්ථ පරිගණකයේ අයිතිකරු පවසන්නේ ඔහු කථා කරන මල්ටිවැක් අව්ට්ලට ...

                                               

වෙනත් නාට්‍ය ශාලා

Grand Guignol ඕනෑම ආකාරයක වේදිකාවක් මත සාහසිකාත්මක විලාසයෙන් ප්‍රදර්ශනය කෙරෙන නාට්‍යය විශේෂයකි. Grand Guignol නාමය සැබවින්ම නිරූපනය කරන්නේ ප්‍රංශයේ පැරිස් නුවර Grand Guignol ශාලාවේ රෞද හා බිහිසුන උද්වේග නාට්‍යයන්ය. ක්ෂණ නිර්මාණ රංග කලාව Improvisational theatre මෙය රංගනය ඉදිරිපත් කරන අතරතුරදීම රංගන ශිල්පීන් ක්‍රියාවන්රංගනයන් නිර්මාණය කර ගන්නා නාට්‍ය විශේෂයකි. උද්වේග නාට්‍යය Melodrama හැඟීම්බර නාට්‍යය හෝ බොහෝ විට නපුර ඉදිරියේ යහපතවිදහා දක්වන එහෙත් සතුටුදායක අවසානයක් ඇති අවාසනාවන්ත කථාන්තර ගෙන හැර දක්වයි. රෞද්‍ර නපුරන්, දුක්විඳිනා සුරූපිනියන් හා ‍ගෞරවනීය වීරයන් ආදී ප්‍රකට චරිත මෙම නාට්‍ය විශේ ...

                                               

අලගිය තමිල් මගල්

අලගිය තමිල් මගල් යනු 2017 ඉන්දියානු දෙමළ-භාෂා රූපවාහිනී සෝප් ඔපෙරාවකි. මෙහි ප්‍රධාන රචිත නිරූපණය කරන්නේ ශීලා, පූවි, සුබලක්ෂ්මී සහ අංජු අරවින්ද් විසිනි. මෙය 2016 සිට සී තෙලිඟු නාළිකාව ඔස්සේ විකාශය වන මුතියල මුග්ගු නම් තෙලිඟු රූපවාහිනී කතාමාලාවේ ප්‍රතිනිර්මාණයකි. මෙය 2017 අගෝස්තු 28 දින සිට සී තමිල් නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල 19:00ට විකාශය වේ. මෙමගින් කියැවෙන්නේ පූංකෝඩි නම් ගම්බද දැරිය කබඩි ක්‍රීඩාව හේතුවෙන් චෙන්නායි වෙත ගොස් වැඩිදුර අධ්‍යාපනයට අවස්ථාව උදා කරගන්නා ආකාරයයි.

                                               

සේවක මණ්ඩලය (බ්‍රෝඩ්වේ රංග පීඨය)

සේවක මණ්ඩලය "බෝඩ්වේ" හි සංගීතමය හා වේදිකා නාට්‍ය වල සාර්ථකත්වය ප්‍රසිද්ධ රැඟුම්කරුවන් ප්‍රධාන චරිත නිරූපණය කිරීම මත රඳා පවතී. එමඟින් වැඩි ප්‍රේක්ෂක ජනතාවක් එම නාටක වෙත එක්රොක් කර ගැනිමට හැකි වේ. චිත්‍රපට හා රූපවාහිනි නළුවන් බොහොවිට එම චරිත හෝ ඒවායෙන් ඉවත්වන අයට ආදේශ කිරීමට හෝ යොදාගනී. එනමුත් ‍තවමත් වේදිකා නාටක මුලිකවම හා චිත්‍රපට හා රූපවාහිනි රඟදැක්වීම් දෙවැනිව කරන වේදිකා නලුවන්ද සිටියි. අතීතයේදී, වේදිකා නලුවන්ට "වෝඩිවිල්" හා "බර්ල්කියු" වැනි සජීවී රඟදැක්වීම් පිළිබඳ සුපිරි ආකල්පය තිබිණි. ඔවුන් ඒවා අශීලාචාර, නුවමනා ලස්සන ඇති හා වාණිජමය ඒවා ලෙස දැකීය. ඔවුන්ගේ කලාව පිළිබඳව ඔවුන් ට අධි තක්සේරු ...

                                     

ⓘ චරිත කථා

චරිත කථා ලිවීමේ කලාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියනු ලබයි. පුරාණ බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොටේමියාව වැනි ස්ථානයන්හි හමුවු විවිධ චරිත කථා ඊට සාක්‍ෂි වේ. ගලින් සහ මැටියෙන් කරන ලද පුවරු මත එකල මෙම චරිත කථා ලියන ලදී. එහෙත් පුරාණ ගල් ගුහා වල අඳින ලද සිතුවම් ලෝකයේ චරිත කථාවන්හි ආරම්භය ලෙස සැලකේ. මෙම සිතුවම් වල එකල මානවයා ජීවත්වු සමාජයේ සිටි විවිධ ජයග‍්‍රහණයන් ලද පුද්ගලයින් පිළිබඳව ඇඳ ඇත්තේය. මේවා චරිත කථාවන්හි මුලාරම්භය ලෙස සලකනුයේ එබැවිනි.

අද භාවිතා වන චරිත කථා රචනා කිරීමේ සම්ප‍්‍රදාය ආරම්භ වුයේ ග්‍රීක සංස්කෘතියක් සමඟය. බ‍්‍රයෝග‍්‍රෆ නම් චරිත කථා සඳහා යෙදෙන වචනය ප‍්‍රථම වරට දැකගත හැකිවුයේ එවකට ලියවුණු ‘ඩැමකියස් ’ ලයිෆ් ඔෆ් ඉසෝඩොරස් නම් කෘතියේදීය. ඊට පෙරදී චරිත කථා හැඳින්වුයේ ‘ලයිව්ස් ’ යන නාමයෙනි. පර්සියානු රජවරුන්ගේ ජීවිත අලලා ලියන ලද කථාද චරිත කතා රචනා කිරීමේ කලාවේ වැදගත් තැනක් උසුලයි. එමෙන්ම ‘ඇගෙසිලා ඕස් ’ නම් චරිත කතාද ඉතිහාසය තුළ දක්නට ලැබෙන වැදගත් චරිත කථාවන් වේ.

සමහර චරිත කථාවන් හිදී තමා සාකච්ඡවට බඳුන් කරන චරිත අතිශෝක්තියෙන් වර්ණනා කිරීමත් දැකිය හැකි අතර සමහර ඒවායේ ආදර්ශයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ලියවී ඇත. ප්ලූටාච් විසින් ලියන ලද ‘ පැරලල් ලයිව්ස් ’ නම් කෘතිය එවැනි ආදර්ශයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ලියවුණු චරිත කතා එකතුවකි.

රචකයා විසින් කතානායකයාගේ චරිතය වඩාත් ඉස්මතු කිරීමේ රචනා කලාවක් චරිත කතා ලිවීමේදී උපයෝගී කොට ගත්තද එම චරිතය පිළිබඳ හැදෑරීම සඳහා පාඨකයාට එය බාධවක් නොවන අතර එම චරිතයට අදාල බොහෝ කරුණු රැසක් එම කතා කියවීමෙන් අනාවරණය කොට ගත හැක.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →