Back

ⓘ අධ්‍යාපනය



                                               

ස්කූබි-ඩූ! මිස්ට්‍රි ඉන්කෝපරේටඩ්

පිරිවෙණ යන වචනය බුද්ධ කාලයේ පටන් භික්ෂූන් වහන්සේ වාසය කළ ආරාමය හෝ කුටිය හැදින්වීම සදහා භාවිත කළ බව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්වේ.සියවස් ගණනාවක් පුරා ලංකාවේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික අධ්‍යාපන ආයතනය පිරිවෙණයි. පිරිවෙණ් අධ්‍යාපනයෙන් මේ රටට කීර්තියක් ගෙනා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා විනයධර භික්ෂූන් නිර්මාණය කරනු ලැබිණ. සිංහල, පාලි, සංස්කෘත වැනි සම්භාව්‍ය විෂයන් මෙන් ම බුද්ධ ධර්මය, ඉතිහාසය, ඡන්දෝලංකාරය, ජෝතිෂ්‍යය සහ තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් ඉගෙනීම හා ඉගැන්වීම පිරිවෙණේ මුඛ්‍ය කාර්යය විය.මෙම විෂයන් ගුරු භවතුන් විසින් අධ්‍යයනය කරමින් කුඩා සාමණේර භික්ෂූන් හට ඒවා සාකච්ඡා මාර්ගයෙන් සහ ක ...

                                               

ලියෝ ජේ. ඕඩොනවන්

ලියෝ ජෙරමියා ඕඩොනවන් III එස්ජේ යනු, 1989 සිට 2001 දක්වා ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙහි සභාපති වශයෙන් සේවය කල ජේසුනිකායික, ඇමරිකානු කතෝලික පූජකතුමෙකු, සහ දේවධර්මාචාර්යවරයෙකි. නිව්යෝර්ක් නගරයෙහි උපත ලද ඔහු, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අතර, ප්‍රංශයෙහි අධ්‍යාපනය ලබද්දී, ජේසු නිකායට එක්වීමට තීරණය කලේය. ෆෝර්ඩම් විශ්වවිද්‍යාලයෙන් සහ වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලයෙන් ඉහළ උපාධි ලද ඔහු, මින්ස්ටා විශ්වවිද්‍යාලයෙහිදී කාල් ආනෝ යටතේ අධ්‍යාපනය ලබමින් ඔහුගේ දේවධර්ම දර්ශනාචාර්ය උපාධිය ලැබීය. යළි එක්සත් ජනපදයට පැමිණි ඔහු, ඇමරිකාවෙහි කතෝලික දේවධර්මශාස්ත්‍රීය සමාජයෙහි සභාපති සහ මේරිලන්ඩ් ජේසුනිකායික දිසාවෙ ...

                                               

ආතර් කොනන් ඩොයිල්

ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 දින ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදීය. හොඩර් ප්ලේස්, ස්ටෝනිහර්ස්ට් හා ස්ටෝනිහර්ස්ට් විද්‍යාලවල මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු 1876 සිට 1881 දක්වා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේය. ඔහුගේ පළමු ප්‍රකාශිත කතාව පලවන්නේ චේම්බර්ස් එඩින්බර්ග් සඟරාවේ ඔහුට අවුරුදු 20 ලබන්නට පෙරය. 1885 දී ඔහු තම ආචාර්ය උපාධිය ටබිස් ඩොසාලිස් විෂය සම්බන්ධයෙන් ලබාගත්තේය. පසුව එඩින්බර්ග් වලට පැමිණි ඔහු සවුන්සිහි තම වෛද්‍යය සායනය ආරම්භ කළේය. එය කරන අතරතුර අ ස්ටඩි ඉන් ස්කාලට්" නම් කථාවෙන් තම කථා වීරයා වන ෂර්ලොක් හෝම්ස්ව හඳුන්වා දුන් අතර එය" බීටන්ස් ක්‍රිස්මස් ඇනුවල ...

                                               

ජොන් ඩේවි

ජොන් ඩේවි ක්‍රිස්තු වර්ෂ 1790 දී බ්‍රිතාන්‍යෙය් දී උපත ලැබීය.ඔහු වෛද්‍යවරයෙකු හා ලේඛකයෙකු ගවේශකයෙකු හා සංචාරකයෙකු ලෙස ප්‍රකටය.ශ්‍රී ලංකාව පිළිබද ඓතිහාසිත තොරතුරු ගවේශනය කළ කීර්තිමත් ගවේශකයෙකු ලේඛකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙකු වූ රොබට් බ්‍රවුන්රි ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයාදවිය.

                                               

තල්දූවේ සෝමාරාම

තල්දූවේ සෝමාරාම හිමි නමින් භික්ෂුවක්ව සිටි ක්‍රි.ව.1959 දී එවකට ලංකාවෙහි අග්‍රාමාත්‍යය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනයකල බවට අධිකරණය මගින් තීන්දුකර එල්ලා මරාදමනු ලැබූයේ පසුව තල්දූවේ සෝමාරාම ලෙසින් ප්‍රකට වුනු තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝ වේ. විසිනි.

                                               

ස්ත්‍රි වාදය

ස්ත්‍රීවාදය යනු ස්ත්‍රී පුරුෂ සමාජභාවය, දේශපාලන ව්‍යාපාර සහ දෘෂ්ටිවාදයන් රාශියකි. එය ස්ත්‍රී පුරුෂ සමාජ, දේශපාලන, ආර්ථික, පෞද්ගලික සහ සමාජ සමානාත්මතාවය නිර්වචනය කර ස්ථාපිත කිරීම අරමුණු කර ගෙන ඇත. එය වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහිව සටන් කිරීම සහ අධ්‍යාපනික, වෘත්තීය සහ අන්තර් පුද්ගල අවස්ථා සහ පිරිමින්ට සමාන කාන්තාවන් සඳහා ප්‍රති come ල ඇති කිරීම ඇතුළත් වේ. ස්ත්‍රීවාදී ව්‍යාපාරයන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම, අඛණ්ඩව ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම, රජයේ නිලතල දැරීම, වැඩ කිරීම, සමාන වැටුපක් උපයා ගැනීම, තමන්ගේම දේපළ, අධ්‍යාපනය ලැබීම, ...

අධ්‍යාපනය
                                     

ⓘ අධ්‍යාපනය

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත.

අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. e-ducere, educo පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducere තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ.

අධ්‍යාපනය යනු, යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්විම හා ඉගෙනගැනීමයි. තවත් විදර්ශනාත්මක කිවහොත්, අධ්‍යාපනය යනු දැනුම, සුභවාදී චින්තනය සහ ඥාණය ඛෙදාහදා ගැනීමයි. පාරම්පරිකව සංස්කෘතියක් ඉදිරියට ගෙනයාම ද අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. පුද්ගලයෙකු ගේ සහජ දක්ෂතාවයන් ඉස්මතු කිරීමත්, ඒවා මනාව ඔපමට්ටම් කොට ඔහුට එහි වටිනාකම එකතු ගැන්වීමත් අධ්‍යාපනයයි.

අධ්‍යාපනයේදී සිදුවන්නේ විවිධ ඉගැන්වීම් ක්‍රම යොදාගැනීමකි. මනෝ විද්‍යාත්මක දාර්ශනික, පරිගණක ආශ්‍රිත, භාෂාමය, ස්නායුමය සහ සමාජමය ක්‍රමෝපායන් අධ්‍යාපනයේදී යොදා ගැනේ.

- පෙතියා-
                                     

1. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති විවිධ අර්ථකථන

  • අධ්‍යාපනය යනු දැනුම ඒකරාශී කරන ක්‍රියාවලියකි.

සොක්‍රටීස් පවසා ඇත්තේ උසස්ම දෙය දැනුම බවයි.දැනුම ඇත්තා උසස්ම පුද්ගලයාය. එය ලබන්නේ අධ්‍යාපනයෙනි.

  • අධ්‍යාපනය යනු වර්ධනීය ක්‍රියාවලියකි.

අධ්‍යාපනය යනු වර්ධනීය, යාවජීව ක්‍රියාවලියක් බව ජෝන් ඩුවී පවසයි. පුද්ගලයා හා පරිසරය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් ගොඩනැගෙද්දී ඒ හා ගොඩනැගෙන අත්දැකීම් වල ප්‍රතිඵලයක් ලෙස වර්ධනය සිදුවේ.

  • අධ්‍යාපනය යනු සංස්කෘතික සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි.

සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගනු ලබන දැනුම කුසලතා,සදාචාරය ආදි සියලුම දේ සංස්කෘතියයි. මිනිසාගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති මෙකී සංස්කෘතිය එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා සම්ප්‍රේෂණය කරන්නේ අධ්‍යාපනය ඉවහල් කරගෙකය.

  • අධ්‍යාපනය තුලින් හදවත, හිස සහ හස්තය යන තුනම සංවර්ධනය කල යුතුය.
                                     

2. අධ්‍යාපනයේ අරමුණු සහ පරමාර්ථ

පරමාර්ථයක් යනු කිසියම් විධිමත් ලෙස සැකසුණු ක්‍රියාවලියකින් අවසානයේ ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිඵලයයි. පුළුල් සංකීර්ණ අරථයක් ගැනීම පරමාර්ථයේ ලක්ෂණයයි. මේ නිසාම එය ඉටුකර ගැනීම ඉතා දුෂ්කරය. පරමාර්ථය කරා යාමට නම් ඒවා සරළ කරගත යුතුය. ඒ සඳහා ගොඩනගාගන්නා වූ සුවිශේෂී ප්‍රකාශය අරමුණු ලෙස හැඳින්වේ. සුවිශේෂී බව,මැනිය හැකි බව, ළඟාවියහැකි බව ආදිය අරමුණක සුවිශේෂී ලක්ෂණ වේ. එක් පරමාර්ථයක් සඳහා අරමුණු කීපයක් පැවතිය හැක.

අධ්‍යාපන පරමාරථ සහ අරමුණු රටින් රටට වෙනස් වේ. එසේ වන්නේ රටක අධ්‍යාපන අරමුණු සහ පරමාර්ථ ගොඩනැගෙන්නේ එහි ඇති සමාජ ආර්ථීක දේශපාලන ජාතික ප්‍රතිපත්ති වලට අදාළ වීමයි. අධ්‍යාපන පරමාර්ථ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඒවාද පවතී. ඒ අතරින් යුනෙස්කෝව ප්‍රධාන වේ. එහි පරමාර්ථය වූයේ ජාත්‍යන්තර සාමය හා අවබෝධය ඇතිකරලීමයි. මීට අමතරව දිවිපැවැත්ම සඳහා අධ්‍යාපනය නමින් වාර්තාවක්ද පිහිටුවීය.

අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි. ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි.

  • විධිමත් අධ්‍යාපනය පමණක් නොව නොවිධිමත් අධ්‍යාපනයද වැදගත් වන බව
  • කවර අධ්‍යාපනයක වුවද තිබිය යුතු මූලික ලක්ෂණ ඇති බව
  • අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි.
  • අධ්‍යාපනය යනු ගැඹුරින් සිදුකළ යුතු දෙයකි. යම් යම් රටවල ආර්ථික, දේශපාලන, සාමාජික වශයෙන් සුවිශේෂී කරුණු තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වූ වටිනාකම් පිළිගත යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්

මීට අමතරව,

  • දිවිපැවැත්ම සඳහා ඉගෙනීම
  • යමක් කිරීම සඳහා ඉගෙනීම
  • එකට ජීවත්වීම සඳහා ඉගෙනීම
  • දැනගැනීම සඳහා ඉගෙනීම

ආදි ප්‍රධාන කුළුණු 4ක් පිළිබඳව මේ වාර්තාව අවධානය යොමුකරයි.

                                     

3. අධ්‍යාපනයේ විවිධ ස්වරූප

වත්මන් සමාජයේ විවිධ අධ්‍යාපන ආයතන පවතී. පාසල, පවුල, මිත්‍ර සමූහ, විශ්ව විද්‍යාල, පුස්තකාල, කාර්මික විද්‍යාල, මාධ්‍ය ආයතන, ආදිය පුද්ගලික සබඳතා මෙන්ම සමාජ සබඳතා සඳහාද විවිධ සමාජ වටිනාකම් එකතුකිරීමටද උපකාරී වෙයි. මේ ආයතනවල ව්‍යුහය, පරිපාලනය ආදි ය සලකා බලා එය කොටස් 3කට බෙදා දක්වයි.

  • විධිමත් අධ්‍යාපනය
  • අවිධිමත් අධ්‍යාපනය
  • නොවිධිමත් අධ්‍යාපනය
                                     

4. විධිමත් අධ්‍යාපනය

විධිමත් ආයතන තුළින් ලබන අධ්‍යාපනයයි. ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පූර්ණ කාලීනව කෙරෙන අධ්‍යාපනයයි. උදා: පාසල, විශ්ව විද්‍යාලය

අනුපිළිවෙලින් ව්‍යුහගතවූ කාල ක්‍රමාණුගතව ශ්‍රේණිගත වූ අධ්‍යාපනය පද්ධතියකි.

ශාස්ත්‍රීය - ප්‍රාථමික පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය

තාක්ෂණික - තාක්ෂණික හා වෘත්තීය පුහුණු කටයුතු සිදු කරන ආයතන

                                     

5. අවිධිමත් අධ්‍යාපනය

ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්‍යාපනයයි. උදා: රූපවාහිනියෙන්, සමාජ ආශ්‍රයෙන් අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික තැපෑල, දුරකතන, කෙටි පණවුඩ

දෛනික අත්දැකීම් සහ අධ්‍යාපනික ආභාෂයෙන් මෙන්ම ඔහු වටා ඇති පරිසරය තුළින් ආකල්ප, සාරධර්ම කුසලතා හා දැනුම අත්කර ගත හැකි යාවජීව ක්‍රියවලියකි. මෙය සංවිධානය නොවූවකි.

                                     

6. නොවිධිමත් අධ්‍යාපනය

සුවිශේෂී කණ්ඩායමක් ඉලක්ක කරගෙන සුවිශේෂී අරමුණක් සඳහා මේ අධ්‍යාපන ක්‍රමය ලබාදේ.

මේ අධ්‍යාපනය වර්තමානයට ඉතාම අත්‍යවශ්‍ය අංශයක් ලෙස දැක්වේ. නැතිවම බැරි අධ්‍යාපන ක්‍රමයකි. මෙයින් බිහිවන්නේ කුසලතාවන් වැඩිදියුණු කරගත් පිරිසකි. මේ මගින් සමාජයට විශාල සේවාවක් ඉටුවේ.

  • විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් ලබාගත් දැනුම කුසලතා වැඩිදියුණු කරගැනීමට උදවුවීම
  • කුසලතා රහිත එමෙන්ම අර්ධ වශයෙන් කුසලතා රහිත වැඩකරන ජනතාව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු කුසලතාවන් ලබාදීම
  • නවෝත්පාදනයන්ට අවස්ථාව සැලසීම
  • විධිමත් අධ්‍යාපන අවස්ථා නොලද එමෙන්ම විධිමත් අධ්‍යාපනයෙන් කලින් ඇදවැටුණු පුරවැසියන් සඳහා අධ්‍යාපන අවස්ථා සැලසීම

නොවිධිමත් අධ්‍යාපනයට කාලීන වශයෙන් වැඩි වැදගත්කමක් පවතී. එය විධිමත් අධ්‍යාපන ක්‍රමයේ විකල්ප ක්‍රමයක් ලෙස බිහිවිය.

විශේෂිත කණ්ඩායමක් ඉලක්කකොටගෙන ඉගෙනීමේ අරමුණු එල්ලේ මෙහෙයවීමට අපේක්ෂිත පුළුල් ක්‍රියාදාමයක අංගයක් වශයෙන් විධිමත් පද්ධතියෙන් පරිබාහිරව සංවිධානය වූ අධ්‍යාපනික ක්‍රියාදාමයකි.

උදා: දේශණ, වැඩමුළු, සම්මන්ත්‍රණ, අත්පත්‍රිකා

                                               

බෞද්ධාලෝක මහා විද්‍යාලය

වෑකඩ බෞද්ධාලෝක මහා විදුහල පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය බෞද්ධ පාසලකි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය තෙක් සිසුන් 1500කට වැඩි පිරිසක් මෙහි ඉගෙනුම ලබන අතර උසස් පෙළ කලා, වාණිජ අංශ ඔස්සේද සිසු සිසුවියන් අධ්‍යාපනය ලබති. පාසල් වර්ගය.: 1-c mixed school ආදර්ශ පාඨය.: පිබිදෙමු පිබිදී පුබුදමු විදුහල්පති.: කේ. කේ. ආර් ප්‍රනාන්දු මිය.

                                               

මව් භාෂාව

දියුණු යැයි සැළකෙන මහා-බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, කොරියාව, රුසියාව, චීනය, ඇමරිකාව, ඉතාලිය, සෞදි අරාබිය ආදි රටවල් එම දියුණුවට ලගා වී ඇත්තේ අධ්‍යාපනය, පරිපාලනය, නිෂ්පාදන හා නෛතික කටයුතු තම මව් භාෂාවන්ගෙන් සිදුකර ගැනීමෙන් බව නො රහසකි. එමෙන්ම එකී දියුණු රටවල් තම රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම්වලින් ආරක්ෂා කර දී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය, නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගිනි.

                                               

Divulapitiya nenasala

දිවුලපිටිය සරස්වතී පිරිවෙන් නැණසල 1998/07/01 වෙනි දින ආරම්භ කරන ලදී. දිවුලපිටිය - ම්රීගම ප්‍රධාන මාර්ගයේ සරස්වතී පිරිවෙන පිහිටා ඇත එනම් එහි නැණසල පරිගණක මධ්‍යස්ථානය පවත්වගෙන යනු ලබයි. මෙහි සිසුන් 35 පමණ පරිගණක අධ්‍යාපනය ලබයි.

                                               

රජයේ පාසැල

රජයේ පාසැල් යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ, සියළු දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලැබුම සඳහා සැපයිය යුතු යැයි විධි නියෝගය ලද හෝ සත්‍ය ලෙසින් එලෙස සැපයෙන හෝ සහ, මහජන බදු මුදලින් නඩත්තු වන, ප්‍රාථමික හෝ ද්වීතියික හෝ පැසැල් වෙති.

                                               

රතනඡෝති නැණසල

පිහිටීම: සබරගමු පළාත කෑගල්ල දිස්ත්‍රික්කය මාවනැල්ල කලාපය අරණායක ප්‍රා.කො. ලිපිනය: රතනඡෝත්‍යාරාමය,දෙබත්ගම,කෑගල්ල. සේවාවන්: 1.පරිගණක අධ්‍යාපනය ලබා දීම 2.අන්තර්ඡාල පහසුකමි සැපයීම 3.මුද්‍රණ කටයුතු

                                               

මොරටුව මහ විද්‍යාලය

ආරම්බය:1934.ජනවාරි 19 වෙනිදින. ආදි කතෘතුමා:M.J.C.ප්‍රනාන්දු මැතිතුමා. ‍‍‍‍මොරටුව නගරය තුල පිහිටි ප්‍රධාන හා බොදු පාසලකි.මෙහි සිසුන් 2000 පමන අධ්‍යාපනය ලබයි. එහි වර්ථමානවිදුහල්පතිතුමා වනුයේ E.H.අතාඋදගේ මහතාය. විද්‍යාලීය ක්‍රිකට් කන්ඩායම 2008 හොදම පිටපලාත් කන්ඩායම වශයෙන් තේරී පත්ව ඇත. Web:http:// නිර්මානය:කළිදු වසුක.

                                               

රත්නසාර විද්‍යාලය

ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ සන්දරවල නගරය තුල පිහිටා ඇති ප්‍රදේශයේ ප්‍රමුඛ පෙලේ පාසලකි. සිසු දරු දැරියන් 1000 ක් පමණ අධ්‍යාපනය ලබන රත්නසාර විද්‍යාලයේ 1 වසර සිට 13 වසර දක්වා පන්ති පැවැත්වේ. අ. පො. ස උ. පෙළ කලා හා වානිජ්‍ය යන අංශ දෙක පමණක් ඇත.

                                               

ජෝන් චිල්කොට්

ශ්‍රීමත් ජෝන් චිල්කොට්, GCB PC යනු, බ්‍රිතාන්‍ය රාජාධිකරණ සාමාජික සහ හිටපු සිවිල් සේවකයෙකි. 2003 මාර්තු මාසයේදී ඉරාකය ආක්‍රමණය කිරීම සහ එහි ප්‍රතිවිපාකය ආශ්‍රිත වාතාවරණය පිළිබඳපෙත් කෙරුණු විමර්ශන මණ්ඩලයක සභාපතිත්වයට ඔහු පත් කිරීම 2009 ජූනි මාසයෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

රොබට් කෘෘ-මිල්න්ස්, කෘෘ හී පළමුවන වංශාධිපතිවරයා
                                               

රොබට් කෘෘ-මිල්න්ස්, කෘෘ හී පළමුවන වංශාධිපතිවරයා

1885 සිට 1895 දක්වා හවුටන් සාමිවරයා ලෙසින්ද 1895 සිට 1911 දක්වා කෲ හී අර්ල්වරයා ලෙසින්ද හැඳින්වුනු, රොබට් ඕෆ්ලි ඇෂ්බර්ට්න් මිල්න්ස්, කෲ හී පළමුවන වංශාධිපතිවරයා, KG, PC, FSA යනු, බ්‍රිතාන්‍ය ලිබරල් දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ලේඛකයෙක් විය.

                                               

මරී කොල්වින්

මරී කොල්වින් යනු ද සන්ඩේ ටයිම්ස් නම් බ්‍රිතාන්‍ය පුවත් පත වෙනුවෙන් දශක දෙකකට අධික කාලයක් සේවය කළ ඇමරිකානු පත්‍රකලාවේදිනියකි.

කේට් වින්ස්ලට්
                                               

කේට් වින්ස්ලට්

කේට් එලිසබෙත් වින්ස්ලෙට් CBE යනුවෙන් හැඳින්වෙන්නේ ඉංග්‍රීසි නිළියකි. ඇය වඩාත්ම ප්‍රකටව ඇත්තේ ස්වාධීන චිත්‍රපටවල, විශේෂයෙන්ම ඓතිහාසික නාට්‍ය චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත නිසායි. වින්ස්ලෙට් සම්මාන ගණනාවක් හිමිකරගෙන ඇති අතර, ඒ අතර බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන තුනක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් ද වන අතර, ඇය ඇකඩමි, එමී, සහ ග්‍රැමී සම්මාන ත්‍රිත්වයම ලද ශිල්පීන් අතලොස්ස අතුරින් අයකු ද වේ.

ප්‍රසවවේදය
                                               

ප්‍රසවවේදය

ප්‍රසවවේදය යනු ගර්භණීභාවය, දරු ප්‍රසූතිය හා පශ්චාත් ප්‍රසව කාලය පිළිබඳ අධ්‍යයනය ක්ෂේත්‍රය වේ. වෛද්‍ය විශේෂඥතාවයක් ලෙස මෙය gynecology හා එක්කොට obstetrics and gynecology ලෙස හැඳින්වෙන ශල්‍ය ක්ෂේත්‍රය වේ.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →