Back

ⓘ ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ




ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ
                                     

ⓘ ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ

ට්‍රිනිඩෑඩ් සමුහාණ්ඩුව සහ ටොබෑගෝ දකුණ කැරබියන්හි පිහිටි කොදෙව් රාජ්‍යයකි. එය පිහිටියේ ගිණිකොණින් දකුණු ඇමරිකන් ජනපදය වන වෙනුසිලාවේ සහ දකුණු ග්‍රෙනාඩාවටය. එය තම මුහුදුබඩ දේශ සීමා බාබඩෝස් ඊසාන දෙසින්, ගයනා ගිණිකොණින් සහ වෙනිසුවේලා දකුණට හා බටහිරට අනෙක් රාජ්‍යයන් හා බෙදා ගැනේ. ඒ රටේ වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 5.128 වන අතර ප්‍රධාන ‍දුපත් 2 වන ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ ඇතුළුව නොයෙක් කුඩා බිම් කොටස් ද ඇතුලත් වේ. ට්‍රිනිඩෑඩ් වඩා විශාල හා ජනාකීර්ණව දුපත වන අතර, ටොබෑගෝ වඩා කුඩා වන අතර මුළු වර්ග ප්‍රමාණයෙන් 6% හා මුළු ජනගහනයෙන් 4% වන මිලියන 1.3 අඩංගු වේ. මෙම රාජ්‍ය සුළි සුළං සීමාවෙන් පිටත පවතී. 1802 ක්‍රිස්ටෝපර් කොලොම්බස් කාලයේ ට්‍රිනිඩෑඩ් හා ‍ටොබෑගෝ ස්පාඤ්ඤ ජනපදයක් විය. බ්‍රිතාන්‍යයන් අත්හැර දැමු පසු එය 1962 නිදහස ලැබීය. රටේ ආර්ථිකය පෙට්ට්‍රොලියම් හා ආශ්‍රිත නිෂ්පාදනයන් මත මුලික වේ. එහි මහා පරිමාණ කර්මාන්ත ‍රාමුවක් තිබෙන අතර එහි ස්ථාවරත්වය හේතුවෙන් එය පසුගිය අවුරුදු 5 තුල 7% වේගයෙන් වර්ධනය වී ඇත. මේ හේතුවෙන් එරට කැරබියානු රාජ්‍ය තුල එය මුලික ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත. මෙරට සැණකෙළිවලට ප්‍රසිද්ධ අතර ස්ටිල්පන්, කැලිප්සෝ, සොකා සහ ලිම්බෝ නර්තන මෙහි උපත ලබා ඇත.