Back

ⓘ 20 වන සියවස ආරම්භයේ දී විදුලි ඉංජිනේරු විද්‍යාව




                                     

ⓘ 20 වන සියවස ආරම්භයේ දී විදුලි ඉංජිනේරු විද්‍යාව

20 වන සියවස ආරම්භයේ දී විදුලි ඉංජිනේරු විද්‍යාව

ගුවන් විදුලිය සෑදීමේ දී බොහෝ විද්‍යාඥයින් සහ නිමැවුම්කරුවන් ගුවන් විදුලි තාක්ෂණයට හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට තම දායකත්වය සැපයීය.හයින්‍රිච් හර්ට්ස් Heinrich Hertz 1888 දී තම යූ.එච්.ෆ්. පර්යේෂණ වලදී ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය ස්පාක් ගැප් ට්‍රාන්ස්මීටරයක් මගින් සහ විද්‍යුත් උපකරණයක් මගින් ඒවා ග්‍රහණය ගැනීම සිදුකරන ලදී. 1895 දී නිකොලා ටෙල්සා නිව්යෝක් හි පිහිටි තම පර්යේෂණාගාරයේ සිට සම්ප්‍රේෂණය කල සංඥා වෙස්ට් පොයින්ට් හි දී ග්‍රහණය කර ගැනීමට සමත් විය කි.මි.80.4 ක දුරකින්. 1896 දී ඇලෙක්සන්ඩර් පොපෝව් Alexander Popov මීටර් 60 ක් අතර රැහැන් රහිතවයර්ලස් සම්ප්‍රේෂණය සිදුකල අතර එම කාල වකවානුවේදීම ගුග්ලීමෝ මාර්කෝනි Guglielmo Marconi කි.මි. 2.4 ක් හරහා සම්ප්‍රේෂණය කිරීමට සමත් විය. ජෝන් ෆ්ලෙමින් John Fleming විසින් 1904 දී ප්‍රථම ඩයෝඩය නිපදවන ලදී.

රෙජිනෝල්ඩ් ෆෙසෙන්ඩන් Reginald Fessenden විසින් කට හඬ සම්ප්‍රේෂණය සඳහා අඛණ්ඩව තරංගයක් ජනනය කලයුතු බව හඳුනා ගත් අතර ඔහු විසින් නිකොලා ටෙල්සා, ජෝන් ස්ටෝන් සහ එලිහු තොම්සන් ගේ පර්යේෂණ දිගටම සිදුකරන ලදී. 1906 දී ඔහු ප්‍රථම වරට ගුවන් විදුලිය හරහා කට හඬ සම්ප්‍රේෂණය කිරීමට සමත් විය. තවද 1906 දී රොබර්ට් වොන් ලීබන් Robert von Lieben හා ලී ඩි ෆොරස්ට් Lee De Forest වෙන් වෙන්ව ට්‍රයෝඩය නිපදවන ලදී. එඩ්වින් හොවර්ඩ් ආම්ස්ට්‍රෝං Edwin Howard Armstrong 1931 දී ඉලෙක්ට්‍රොනික රූපවාහිනිය සඳහා වූ තාක්ෂණය සොයාගැනීමට සමත් විය.

දෙවෙනි ලෝක යුද්ධය

දෙවෙනි ලෝක යුද්ධ සමයේ දී ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ සීඝ්‍ර දියුණුවක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම රේඩාර් සහ 1940 දී බ්‍රිමිංහැම් සරසවියේ දී රැන්ඩල් සහ බූට් විසින් මැග්නිට්‍රෝනය නිපදවීම මේ අතර වැදගත් වේ. මේ කාලයේදීම බ්‍රිතාන්‍යයේ ගුවන් යානාවල රේඩියෝ පිහිටුම,රේඩියෝ සන්නිවේදනය හා රේඩියෝ මඟ පෙන්වීම පිලිබඳ තාක්ෂණය වර්ධනය විය. ජී.පී. හි ටොමී ෆ්ලවර්ස් විසින් ජර්මන් ලෝරන්ස් සයිෆර් Lorenz cipher machine යන්ත්‍රයෙහි සංඛේතාත්මක පණිවුඩ තේරුම් ගැනීමට කොලෝසියස් නැමැති ප්‍රාථමික ඉලෙක්ට්‍රොනික පරිගණක යන්ත්‍රය නිපදවන ලදී. මේ අවධියේදී රහස් ඔත්තු සේවාවේ නියෝජිතයින් සඳහා රහසිගත රේඩියෝ සංඥා සම්ප්‍රේෂණය හා ලබාගැනීමේ තාක්ෂණය ද සොයාගන්නා ලදී. ඇමෙරිකානුවන් විසින් චර්චිල් හා රූස්වෙල්ට් අතර දුරකතන පණිවුඩ මිශ්‍ර කිරීමේ උපකරණයක් නිපදවන ලදී. ග්‍රීන් හෝනට් Green Hornet නම් වූ මෙම පද්ධතිය ක්‍රියා කලේ අදාල සංඥාවට වෙනත් ශබ්ද සංඥාවක් එක් කිරීමෙනි. ඉන්පසු එම සංඥාව අනෙම් පසින් ලබාගන්නා ලදී. ජර්මානුවන් හට මෙම පද්ධතිය අඩාල කිරීමට කිසිසේත් නොහැකි විය. රේඩියෝ දිශා සොයා ගැනීම, රේඛීය ස්පන්දන ජාල, සංඛ්‍යාත සැකසීම, වැකියුම් ටියුබ් පරිපථ, සම්ප්‍රේෂණ න්‍යාය සහ විද්‍යුත් චුම්භක ඉංජිනේ විද්‍යාව පිලිබඳ මූලධර්ම යනාදී දේ පිලිබඳ ව වූ යුධ පුහුණු කටයුතු සඳහා එක්සත් ජනපදයෙහි විශාල වැඩපිලිවෙලවල් දියත් කෙරිනි. මෙම අධ්‍යයන කටයුතු යුද්ධයෙන් පසු "රේඩියෝ සන්නිවේදන ශ්‍රේණිය" ලෙස 1946 දී මැක්ගෲහිල් මගින් ප්‍රකාශනයට පත් කරන ලදී. 1941 දී කොන්‍රඩ් සූස් Konrad Zuse ලොව ප්‍රථම ක්‍රියාකාරී සහ වැඩසටහන් සම්පාදනය කල හැකි පරිගණකය වන Z3 නිපදවන ලදී.