Back

ⓘ සමකාර්ය වන විද්‍යාව




                                     

ⓘ සමකාර්ය වන විද්‍යාව

සමකාර්ය වන විද්‍යාව යනු ගස් හා ශාක වගා කරන පද්ධතියක් වන අතර එමගින් ගස් ප්‍රමුඛ වූ පරිසර පද්ධතිය, මුල් උත්කර්ෂක හා උප උත්කර්ෂක වෘක්ෂලතා සමූහයේ නිර්මාණාත්මක ව්‍යුහයට හා පාරිසරික ක්‍රියාකාරකම් වලට සමාන විය යුතුය. මෙම සමකාර්ය වන විද්‍යාව ස්වභාවික ආකෘති වලින් හා ස්වභාවික වන සන්තනික ගතිකත්වයන්ගෙන් තම පද්ධතියේ හැඩය සකසා ගැනිමට අවශ්‍ය දේ ලබා ගන්න ලදී. යම් පරිසර පද්ධතියක්, දේශීය උත්කර්ෂණ තත්වයට සමාන ලෙස සැකසුවහොත්, ස්වභාවික ක්‍රියාකරකම් වල කාර්යක්ෂමතාව හා ගතිකත්වය ප්‍රචලිත විය හැක. මෙලෙස ස්වභාවික වනාන්තර මෙන් පෙ‍ෙනන වනාන්තර, දේශීය වනාන්තර වල ව්‍යුහාත්මක හා ක්‍රියාකාරී රූපයක් අනුකරණය කිරිම සදහා නිර්මාණය අතර ඇති නිසා මේ වනාන්තර සමකාර්ය වනාන්තර ලෙස හදුන්වයි. මෙම වනාන්තර වල පාරිසරික ලක්ෂණ වලට අමතරව මෙම සමකාර්ය වනාන්තර ආර්ථිකමය වාසි ලබා ගැනිමටද නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් වනාන්තර පිහිටන ස්ථානයේ සියලුම පාරිසරික අවශ්‍යතාවන් විශේෂයන්ගේ ආර්ථික වටිනාකම සපුරන්නේද යන්න සලකා බලා නැත. එම නිසා සමකාර්ය වනාන්තර අන්‍යෝන්‍ය ප්‍රමාණයන්ගෙන් වූ ස්වභාවික හා විදේශික විශේෂයන් වලින් සමන්විත අතර ව්‍යුහයට හා ක්‍රියාකාරිත්වය දක්වන දායකත්වය, එහි ප්‍රයෝජනය තීරණය කරන ප්‍රතික්ෂේපන සාධකය වේ.

මෙම සමකාර්ය වන විද්‍යාවේදි ආර්ථික ලබා ගත හැකි දේ මෙන්ම ජෛව විවිධත්වය සංරක්ෂණයද එක හා සමාන ලෙස වැදගත් වූ අරමුණක් වේ. කෘෂිකාර්මික වන විද්‍යාව මෙම සමකාර්ය වන විද්‍යාවෙන් වෙනස් වේ. මන්ද කෘෂිකාර්මික වන විද්‍යාවේදි ඵලදාව වැඩි කර ගැනීමට හා ආදායම් මාර්ග ඇති කර ගැනිම අරමුණ වේ.

මෙය 1981 වසරේදී පයිනස් හා ඉයුතැලැප්ටිස් වලට විකල්පයක් ලෙස ඇති වූ අතර ඉන් පසු ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය, ඕස්ට්‍රෙලියාව, පේරු, ඉක්වදෝර්, කොලොම්බියාව, බ්‍රසීලය, කොස්ටාරිතා, හොන්දුරාස්, මෙත්සිකෝව, කැනඩාව සහ සිම්බාබේ යන රටවලද පැතිරගොස් ඇත.

වර්ථමානයේ අන්තර්ජාතික සමකාර්ය වන විද්‍යා ජාලය කොස්ටරිතා වල පිහිටා ඇත.