Back

ⓘ රාජ මූල




                                     

ⓘ රාජ මූල

රාජ මූල යනු, සාමුහික හෝ රජයේ කාර්යභාරයන්ද, එවැනි කාර්භාරයන් නිර්මාණය කිරිම හා පරිපාළනයද, සලකා බලන ආර්ථීක විදවේ ක්ෂේත්‍රයකි. රජය හෝ සාමුහික සංවිධාන, කලයුත්තේ හා කරන්නේ කුමක්ද, හා ‍මෙම කාර්භාරයන් සඳහා ගෙවීම් කරන්නේ කෙසේද, යන ප්‍රශ්නවලට ‍මෙම ෂේත්‍රය බෙදනු ලැබේ. ‍මෙය නිරතුරුව, පුළුල් හා පටු යන දෙයාකාරයෙන්ම හඳුන්වනු ලැබේ.

දළ විශ්ලේෂණය

රජයේ නියම කාර්භාරය, රාජ මූල විශ්ලේෂණය සඳහා ආරම්භයක් සපයයි. යම් යම් කොන්දේසි සංතෘප්ත වන්නේ නම්, පෞද්ගලික වෙළඳපල මගින් පුද්ගලයන් අතර භාණ්ඩ හා සේවා කාර්යක්ෂමව බෙදා හරිනු ඇත අපතේ යාමක් සිදුනොවේය හා ආර්ථිකයේ ඵලදායී හැකියාවන් පුද්ගල රුචිකත්වයන් සමග ගැලපේය යන අර්ථයෙන්. කාර්ක්ෂම නිමවුමක් සැපයීමට පෞද්ගලික වෙළඳපලට හැකි වූයේ නම් හා ආදායම් වප්තිය නිරතුරුව සමාජයට පිළිගත හැකි ආකාරයේ නම්, එවිට රජයට සිදුකිරීමට කාර්භාරයක් නොමැති වේ. කෙසේවුවද, බොහෝ සිද්ධීන් වලදී, පෞද්ගලික වෙළඳපල කාර්ක්ෂමතාවය සඳහා වන කොන්දේසි කඩවේ. උදාහරණයක් ලෙස; බොහෝ පුද්ගලයන්ට සමාන භාණ්ඩයක් එකම කාළයක් තුලදී පරිභෝජනය කල හැකිනම්, සතුරන් නැත, බැහැර කල නොහැකි පරිභෝජනය එවිට, එම භාණ්ඩයෙන් ඉතා සුළු ප්‍රමාණයක් පෞද්ගලික වෙළඳපල මගින් සපයනු ඇත. තරගකාරී නොවන පරිභෝජනය හෝ පොදු භාණ්ඩ සඳහා එක් උදාහරණයක් වන්නේ රාජ ආරක්ෂාවයි.

පෞද්ගලික වෙළඳපල මගින් භාණ්ඩ හා සේවා කාර්යක්ෂමව බෙදා නොහරින විට" වෙළඳපල අසමත්වීම්” ඇතිවේ. වෙළඳපල අසමත්වීම් පැවැතීම මගින් සාමුහිකව හෝ රාජ මට්ටමින් භාණ්ඩ හා සේවා බෙදාහැරීම සඳහා, කාර්ක්ෂම පදනමක් සපයයි. බාහිරතා, පොදු භාණ්ඩ, තොරතුරුමය වාසි, ශක්තිමත් පරිමානූකූඵල සහ ජාල ප්‍රථිවිපාක මගින් වෙළඳපල අසමත්වීම් ඇතිකරයි. රජයේ හෝ ස්වේච්ඡා සංවිධානයක් හරහා සිදුවන බෙදාහැරීම්," රාජ්‍ය අසමත්වීම්” ලෙස හැඳින්වෙන වෙනත් අකාර්ක්ෂමතා වලට හේතුවේ.

පුළුල් උපකල්පන යටතේ, කාර්ක්ෂම විෂය පථය හා ක්‍රියාකාරකම් මට්ටම් පිළිබඳ රජයේ තීරණ, බදු ක්‍රමය නිර්මාණය කිරීම පිළිබඳ තීරණ වලින් කාර්ක්ෂමව වෙන්කල හැකිය. මේ දෘෂ්ඨියෙන් ගත් කල, රාජ්‍ය අංශයේ වැඩසටහන්, ශුද්ධ සමාජ ප්‍රථිලාභ සමාජ ප්‍රථිලාභ - සමාජ පිරිවැය පිරිවැය - ප්‍රතිලාභ විශ්ලේෂණය උපරිම කිරීම සඳහා නිර්මාණය කල යුතු අතර, ඉන්පසු මෙ‍ම වියදම් සඳහා ගෙවිය යුතු ආදායම්, ආර්ථික ක්‍රියාකාරකම් විකෘතිකිරීම මගින් ඇතිකරන, අඩුම කාර්යක්ෂම හානි ඇතිකරන බදු ක්‍රමයක්, මගින් ඉහල නැංවිය යුතුය. ප්‍රායෝගිකව රාජ්‍ය අයවැය සකස්කිරීම සැලකිය යුතු තරම් සංකීර්ණ වන අතර නිරතුරුව එමගින් අකාර්යක්ෂම භාවිතයන් ඇතිකරයි.

ණයගැනීම්, බදු සඳහා ආදේශකයකට වඩා, එය බදු බර කාළය තුල බෙදා හරින ක්‍රමයක් වන නමුත්, රජයට ණය ගැනීම් මගින් වියදම් පියවිය හැකිය. හිඟය යනු රජයේ වියදම් හා ආදායම් අතර පරතරයයි. යම් කාළයක් තුල හිඟය සමුච්චිතකරණය මුළු රාජ්‍ණය වේ. හිඟය පියවීම මගින් රජයට, කාළය පුරා බදු ප්‍රතිවිපාකය බෙදාහැරීමට ඉඩ ලබා දෙන අතර, එමගින් රජයට වැදගත් ෆිස්කල් ප්‍රතිපත්ති උපකරණයක්ද ලබා දෙයි. හිඟය මගින් අනුපාප්තික රජයට ඇති කැමැත්ත අඩුකලහැකිය. රාජ්‍ය මූල්‍ය, ආදායම් ව්‍යාප්තියේ හා සමාජ සමානාත්වයේ ගැටලුවලට බෙහෙවින් සම්බන්ධ වේ. සංක්‍රාම ගෙවීම හෝ ඉහල හා පහල ආදායම් ලබන කුටුම්භයන්ට වෙනස් ආකාර වලින් සලකනු ලබන බදු ක්‍රමයක් නිර්මාණය කිරීම, මගින් රජයකට ආදායම ප්‍රතිව්‍යාප්ත කිරීමට හැකිවේ.

රාජ්‍ය මූල්‍යයේ" පොදු තේරීම” ප්‍රවේශය මගින් ඡන්ද දායකයින්, දේශපාලකයින් හා පරිපාලන නිලධාරීන් කටයුතු කල යුත්තේ කෙසේද යන්නට වඩා සැබැවින්ම කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට උත්සාහ දරයි.