Back

ⓘ ශ්‍රී ලංකාව



                                               

දකුණු අප්‍රිකා–ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මෑත කාලීනව සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ 1994 වසරේදී යී. ශ්‍රී ලංකාව තුල දකුණු අප්‍රිකානු නියෝජිත කාර්යාලය කොළඹ නගරය තුලත් දකුණු අප්‍රිකාව තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රෙටෝරියා හීත් පිහිටුවා තිබෙයි. දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපති ශෙහාන් රත්නාවලි වේ.

                                               

රුසියා-ශ්‍රී ලංකා සබඳතා

1956 දෙසැම්බරයේදී සෝවියට් දේශය, ශ්‍රී ලංකාව සමග සබඳතා පිහිටුවා ගන්නා ලදී. 1958 වර්ෂයේදී දෙපාර්ශවය ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවයකටද එළඹුණි. 1967 වර්ෂයේදී, සෝවියට් සංගමයේ සහය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුල යකඩ කම්හලක් ධාරිතාවය - වසරකට ටොන් 50.000, ටයර් කම්හලක් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් පිහිටුවන ලදී.

                                               

පරමාවතාර් ශ්‍රී ක්‍රිෂ්ණ

පරමාවතාර් ශ්‍රී ක්‍රිෂ්ණ යනුවෙන් හැඳින්වෙන්නේ සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස් වෙතින් නිෂ්පාදනය කරන ලද ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය &TV නාළිකාව ඔස්සේ 2017 ජූනි 19 සිට විකාශය ඇරඹිණි. ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකවන ලද මෙම කතාමාලාව මහරජ කන්සා යන තේමාව යටතේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වේ.

                                               

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 2 කටද එදිජා තරග 5 කටද වි20 තරගයකටද සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. තරගාවලිය ඇරඹීමට පෙර දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒබී ඩි විලියර්ස් විසින් ඉන්දියාවේදී, ශ්‍රී ලංකාව සමග තරග කිරීම දෙවන පෙළ කණ්ඩායමක් සමග තරග කිරීමක් වැනි ප්‍රකාශයක් සිදුකරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියේ දී තරග කලේ නිත්‍ය නායකයා හෝ නිත්‍ය පුහුණුකරුද නොමැතිවයි. ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රීලංකාව ජයගත් අතර එදිජා තරගාවලිය 3-2 ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ගන්නා ලදී. මෙහිදී අවසන් තරග 2 සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ෆැෆ් ඩු ෆෙලෙසිස් වෙනු ...

                                               

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

1978 වසරේදි එවකට ගරු අගමැති ජූනියස් රිචඩ් ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාට හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේ.

                                               

ගබ්සාව

ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් වි ඇතිවාක් මෙන්ම ලංකාව වැනි රටවල් වල ඵය නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත. ගබ්සාව පිළිබඳ විවිධාකාර අර්ථකථන බිහිවි ඇතත් පොදුවේ ගත් කල ගබ්සාව ‍යනු කලලය නොමේරූ අවධියේම ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත් කිරිමයි. මෙය ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට සිදුවිය හැකිය. එනම්: නිතැත් ගබ්සාවSpontaneous Abortion ස්වාභාවිකවම කලලය ගර්භාෂයෙන් පිටතට පැමිණිම. ප්‍රේරිත ගබ්සාව Induced Abortion බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම.

ශ්‍රී ලංකාව
                                     

ⓘ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125.000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව ඉංග්‍රීසී: Ceylon / s ɪ ˈ l ɒ n ˌ s eɪ ʔ ˌ s iː ʔ / ලෙස හඳුන්වනු ලැබිණි. කෙසේනමුදු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි LTTE ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමත් සමග තීරණාත්මක අයුරින් නිමාවට පත්වූ තිස් අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් පලුදුවීමට ලක්විය.

බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.

ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය ජනරජයක් වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර, වාණිජ අගනගරය කොළඹ නගරයයි.

ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ සාර්ක් සංවිධානය ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල ඉහලම මානව සංවර්ධන දර්ශක අනුස්ථිතියක් පෙන්නුම් කරන රටවල් ද්විත්වය අනෙක මාලදිවයින වේ අතුරින් එකක්ද වේ.

                                     

1. වෙනත් නම්

අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලිවලින් ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.

                                     

2. ආණ්ඩුව

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවන ලදී.

                                     

3. වර්ග ප්‍රමාණය

  • සමස්ථ වර්ගඵලය 554 200 sq km
  • පරම ආර්ථික කලාපය 437 400 sq km
  • අභ්‍යන්තර සමුද්‍ර ජල ප්‍රදේශය 1 570 sq km
  • රාෂ්ට්‍රීය මුහුද 18 060sq km
  • ප්‍රධාන ලංකාදූපත 65 525 sq km
  • යාබද මුහුද 17 000 sq km
  • ඓතිහාසික මුහුද 12 060 sq km
                                     

4.1. ශ්‍රී ලංකාවේ අතීතය ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ.

  • පුරාශිලා යුගය 2. මධ්‍යශිලා යුගය 3. නවශිලා යුගය

සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදින් වසර 125.000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා ගිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.

                                     

4.2. ශ්‍රී ලංකාවේ අතීතය ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනුවර ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

                                     

4.3. ශ්‍රී ලංකාවේ අතීතය යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පෘතුගීසීන් Portuguese ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද ලන්දේසීන් Dutch හා ඉංග්‍රීසි British අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතරතුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.

                                     

5. ස්වභාවික ව්‍යසන

ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන අවම රටකි. නමුත් වර්ෂාව නිසා ඇතිවන ව්‍යසන නිතර දැකිය හැක. ක්‍රි.ව. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ සුනාමිය ව්‍යසනය ශ්‍රී ලංකාවේ වාර්තාගත දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ.

                                     

6. ශාක සහ සත්ත්ව සංහතිය

විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී. ශ්‍රී ලංකාවේ ගණ 1.502කට අයත් සපුෂ්පක ශාක 3.210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.

                                     

7. ශ්‍රී ලංකාවේ උප බෙදීම්

පළාත්

ශ්‍රි ලංකාව පළාත් 9කට බෙදා දේශපාලන බලය විමධ්‍යගතකර ඇත.

ඒවා නම්:

උතුරු පළාත

උතුරු මැද පළාත

මධ්‍යම පළාත

වයඹ පළාත

බස්නාහිර පළාත

සබරගමුව පළාත

ඌව පළාත

දකුණු පළාත

නැගෙනහිර පළාත

                                     

8. ජනතාව

සමාජය

බහු සංස්කෘතිකමය රටකි. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජාතිකයෝ වේ. රාජ්‍ය ආගම බුද්ධාගමය. පෙරදිග සංස්කෘතියට අනුගත සමාජයකි.

ජාතීන්

සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී විවිධ ජාතින් ජීවත්වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන හා පාරම්පරික කර්මාන්තය ගොවිතැනය.

භාෂා

සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්ත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.

ආගම්

ප්‍රධාන ආගම බුදු දහම වේ.

  • හින්දු
  • බුද්ධාගම සහ පුරාණ හෙල ඇදහිලි
  • රෝමානු කතෝලික
  • ක්‍රිස්තියානි
  • ඉස්ලාම්

බොජුන්

ජාතික ආහාරය බත් වේ. - බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.

                                     

9. ආර්ථිකය

සමාජවාදී සහ ධනවාදී ලක්‍ෂණ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවතී. මූලිකවම කෘෂිකාර්මික රටකි. මහ බැංකු වාර්තාව අනුව 2015 වසරේදි ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත.

                                     

10. ක්‍රීඩා

නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන් ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසල්, උසස් අධ්‍යාපන ආයතන යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානය ද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ තරගයෙදි ඩන්කන් වයිට් මහතා විසින් රිදී පදක්කමක් ජය ගෙන මුල්ම ඔලිම්පික් පදක්කම ශ්‍රි ලංකාවට ගෙන එනු ලැබුවා. තවද 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් කාන්තා මීටර් 200 තරගයෙදි සුසන්තිකා ජයසිංහ විසින් එක් රිදී පදක්කමක් ජය ගෙන තිබේ.

සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරළ අසබඩ ද, නිසල ජල තටාකවල ද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ Scuba diving ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන් ම විදේශ සංචාරකයන්ගේ ද සිත් පැහැර ගනී.



                                     

11. බාහිර යොමු

  • ග්‍රී ලාංකීය ඉතිහාසයේ පින්තූර
  • Historic Photographs of Sri Lanka
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
  • රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
  • ශ්‍රී ලංකා රජය
  • ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය
කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා
                                               

කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා

කෙන්යාව සහ ශ්‍රී ලංකාව වර්ථමානයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිය සම්බන්ධතා පවත්වා ගනියි.කෙන්යාවේ නයිරෝබි අගනුවර තුල ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවා තිබෙයි.

රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)
                                               

රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යනු, ශ්‍රී ලාංකා ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රතිපත්තිය සහ නාගරික සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වග කිව යුතු අමාත්‍යාංශය වෙයි.

                                               

ජාතික කෞතුකාගාර, ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාර සාමාන්‍යයෙන් ජාතික කෞතුකාගාර ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික කෞතුකාගාර සංඛ්‍යාව හතරකි. ගාල්ල ජාතික කෞතුකාගාරය මහනුවර ජාතික කෞතුකාගාරය කොළඹ ජාතික කෞතුකාගාරය රත්නපුර ජාතික කෞතුකාගාරය

                                               

මැයි 15

සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේසෙන: මැයි 15, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 135 වන දිනය වේ අධික අවුරුද්දක නම් 136 වන දිනය. අවුරුද්ද අවසන් වීමට තවත් දින 230 ඉතිරිව තිබේ. තවද 1998 වර්ෂයේ මැයි 15 ශ්‍රී ලංකාව මෙන්ම මුළු මහත් ලෝකයටම දේව දූතයෙක්වන් ශ්‍රීමත් M.A.C.ගීතාන් නම් වූ මහා දාර්ශනිකයාගේ උපත සිදුවූ වාසනා වන්ත දිනයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා වාසින් වශයෙන් ඔබ සැම සෑම වසරකම මැයි 15 දිනය මහත් හරසරින් සැමරිය යුතු බව කාරුණිකව සිහිපත් කරන්නෙමු. ස්තූතියි.

රජීව් ගාන්ධි
                                               

රජීව් ගාන්ධි

රජීව් රත්න ගාන්ධි ශ්‍රි ලංකාව 1987 LTTE සංවිධානය යාපනයට කොටු කර යුද්ධයේ නිමාවට අවසන් අදියරේ සිටියදී LTTE සංවිධානයට පහර නොදෙන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි අතර එය අප ප්‍රතික්ෂේප කර විට නෞකා මගින් හා ගුවනින් LTTE එකට කෑම ගෙනත් දී ශ්‍රි ලංකා හමුදාව පරාජය කරවු දුෂ්ට නරැමයෙකි

පෝක් සමුද්‍ර සන්ධිය
                                               

පෝක් සමුද්‍ර සන්ධිය

ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු කෙළවරේ උතුරු 60 සහ 100 අතරත් නැගෙනහිරට 800 සහ 820 අතරත් පිහිටා ඇත. කිලෝමීටර් 32 ක අඩුම පළලක් තිබෙන පෝක් සමුද්‍ර සන්ධිය මගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් ව තිබේ.

වයිස්රෝයි ස්පෙශල්
                                               

වයිස්රෝයි ස්පෙශල්

වයිස්රෝයි ස්පෙශල්, යනු ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන වසර 75ක් පැරණි විශේෂ දුම්රියකි.එය J.F. Tours & Travels Ltd ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික දුම්රිය සේවාව මෙය වන අතර වායුසමීකරණය කරන ලද නැරබුම් මැදිරි 2ක් මෙම දුම්රියෙහි අඩංගු වෙ.

                                               

Information technology

තොරතුරු හා සන්නිවේදන තක්ෂණය,ශ්‍රී ලංකාව තුල දියුණු කල යුතුව ඇති ක්‍ෂේත්‍රයක් බවට පත්ව තිබේ.ලෝකයේ පවතින ඉතා දියුණු තාක්‍ෂණයන් තවමත් ශ්‍රී ලංකව සතුව නොමැති වීම කණගාටුවට කරුණකි.එසේ වුවත් ලොකයේ වෙනත් රටවලට ගොස් එම රටවල පවතින තාක්‍ෂණයන් දියුණු කරන බුද්ධිමතුන් අප රට තුල බිහි වී සිටී. එවන් මිනිසුන් සිටින රටක් දියුණු කිරීම අපහසු වන්නේ කිමද?

                                               

Tamil (Unicode block)

දෙමළ් ඒ කියන්නේ යුනිකෝඩ් බ්ලොක් එකක් අඩංගු වේ චරිත සඳහා දෙමළ්, Badaga, සහ Saurashtra භාෂාව වල තමිල්නාඩුවේ ඉන්දියාව, ශ්රී ලංකාව, සිංගප්පූරුව, සහ මැලේසියාව.

                                               

සොලොමන් සිරිල්

අප්‍රේල් 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරිල් යාපනය දිස්ත්‍රික්කය සඳශා අපේක්ෂකයෙකු වූ නමුදු තේරී පත්වීමට සමත් නොවීය. කෙසේවෙතත්, 2008 අප්‍රේල් හිදී සිරිල් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2008 මාර්තු මාසයේදී පාම කේ. සිවනේසන් ඝාතනය කෙරුණු විටය. දෙමළ ජාතික සන්ධානය විසින් අප්‍රේල් 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් සිරිල් තෝරා නොගැනුණි.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →