Back

ⓘ ස්ථුලතාව




ස්ථුලතාව
                                     

ⓘ ස්ථුලතාව

අධික ස්ථුලතාවය යුන මිනිසාගේ හා ‍අනෙකුත් ක්ෂිරපායීන්ගේ මේද පටකවල ස්වාභාවිකව තැන්පත් වී ඇති ශක්තිජනක ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිත මට්ටමට වඩා වැඩියෙන් පිහිටන විටදී ඇතිවන තත්වයකි. දේහ ස්කන්ධ දර්ශකය = බර කිලෝ ග්‍රෑම් / උස මීටර්2

දේහ දර්ශකය ජනපද ක්‍රමයට = / උස අගල්2

ලෝක සෞඛ්‍ය සංවිධනය මගින් 1997 දී ස්ථාපිත කර වසර 200දී එලි දක්වන ලද මීට අදාල අර්ථ දැක්වීම් පහත දැක්වේ.

දේහ ස්කන්ධ දර්ශකය 18.5 ට අඩු - බර අඩු දේහ ස්කන්ධ දර්ශකය 18.5 -24.9 අතර - සාමාන්‍ය බර දේහ ස්කන්ධ දර්ශකය 25.0 – 29.9 අතර - බර වැඩි දේහ ස්කන්ධ දර්ශකය 30.0 – 39.9 අතර - ස්ථුලතාවය දේහ ස්කන්ධ දර්ශකය 40 හෝ ඊට වැඩි - අධි ස්ථුලතාව දේහ ස්කන්දය දර්ශකය 35 හෝ ඊට වැඩියෙන් යුත්ව වෙනත් සෞඛ්‍ය අවදානම් තත්වයක් ඇති පුද්ගලයින්ද අධි ස්ථුලතාව සහිත පුද්ගලයින් සේ හැඳින්වේ.

දේහ ස්කන්ධ දර්ශකය පිළිබඳව විග්‍රහ කිරීමේදී වෛද්‍යවරු පුද්ගලයින්ගේ ජාතිය, වර්ගයා සිරුරේ ඇති පේශී ප්‍රමාණය, වයස, ස්ත්‍රී පුරුෂභාවය හා වෙනත් සාධක සැලකිල්ලට ගනිති. සිරුරේ මාංශ‍පේශීන් හොදින් වර්ධනය වු පුද්ගලයකුගේ සිරුරේ ඇති මේද ප්‍රමාණය පිළිබඳව අධි තක්සේරුවක්ද, වයස්ගත පුද්ගලයින් වැනි සිරුරේ පේශි ක්ෂය වී ගිය පුද්ගයින්ගේ දේහගත මේද ප්‍රමාණය පිළිබඳව අවතක්සේරුවක් දේහ ස්කන්ධ දර්ශකය මගින් ලබා දේ. ස්ථුලතාවය පැවතීම පමණක්ම හෘද රෝග සඳහා අවදානමක් නොවේ. එම නිසා දේහ ස්කන්ධ දර්ශකය පමණක්ම හෘද රෝග ඇති කරන අවදානමක් ඇති සාධකයක් ලෙසට පුරෝකථනයක් දීමට භාවිතා කළ නොහැක.