Back

ⓘ ලංකාපුර




                                               

කෛකසි

කෛකසි කුමරිය යනු රාවණා රජුගේ මෑණියෝය. මැය නිකාෂා හා කේෂිණී යන නම් වලින් ද හදුන්වයි. ඇය දෙයිත්‍ය යක්ෂ ගෝත්‍රික රජු සුමාලි සහ ඔහුගේ බිරිඳ කේතුමතී ගේ දියණියයි. දෙමාපියන් ගේ බලපෑම මත කෛකසි, පුලස්ති ඍශිවරයා ගේ වැඩිමහල පුත් වෛශ්‍රව ඍශිවරයා සමඟ විවාහ වෙයි. මෙහිදී වෛශ්‍රව ඍශි ගේ බිරිඳ ඉල්ලාවිඩා කුමරිය හා ඔහුගේ පුත් කුවේර අත්හැරීමට සිදුවේ. කෛකසි හා වෛශ්‍රව දාව රාවණ, කුම්භකර්ණ යන පුත්‍රයන් හා සුපර්ණකා නම් දියණිය උත්පත්තිය ලබයි. පසු කාලයේදී රාවණා විසින් එවක ලංකාපුර රජු වූ කුවේර බලයෙන් පහ කර ලංකාපුර රජු ලෙස කිරුළු පැළදීම නිසා කළකිරීමට පත්වන වෛශ්‍රව ඍශිවරයා, කෛකසි හා ඇගේ දරුවන් අතහැර, තම පෙර බිරිඳ වූ ඉ ...

                                               

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 7 කි. එනම් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ලංකාපුර
                                     

ⓘ ලංකාපුර

ලංකාපුර හෙවත් මලෑඬුර යනු රාවණා රජ කල රාජධානියයි. මෙය ත්‍රිකූට හෙවත් කදු තුනකින් වටව පිහිටුණ බව විශ්වාස කෙරේ. මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හැඳින්වේ.ලංකාපුරයෙ කුල දෙවඟන ලෙස හැඳින්වෙන්නේ ලංකේශ්වරි දේවියයි.

                                     

1. පිහිටි ස්ථානය

රාමායණයට අනුව, රාවණා රාම අතින් මියයාමෙන් පසු ලංකාපුර පාලනය රාවණාගේ සොහෙයුරකු වූ විභීෂණ ට භාර දුන් බව කියවේ. විභීෂණ ගෙන් පසු ද, ඔහුගෙන් පැවැතෙන පරම්පරාව රාජ්‍යය පාලනය කළ බව සඳහන් ය.

                                     

2. ලංකා පුර රටේ පාලකයින්

මෙය මුලින් පාලනය කළේ සුමාලි නම් සුර බවත් පසුව විශ්‍රවස් කුවේර / කුබේර නම් සර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.

මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ රකුස් ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ.